ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා යළි සේවයට වාර්තා කරන්න

    අගෝස්තු 11, 2018

    දුම්රිය වෘත්තීය සමිති විසින් පසුගිය 8 වැනිදා සිට කිසිදු දැනුම්දීමකින් තොරව හදිසියේ ගනු ලැබූ තීන්දුවක් අනුව දුම්රිය වැඩවර්ජනය කිරීම හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ඇතුළු සමස්ත දුම්රිය මගී ප්‍රවාහන ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ අතර එසේ තිබියදී රජය මැදිහත් වී දුෂ්කරතාවයට පත් මගී ජනතාවගේ පහසුව සඳහා ලංගම බස්රථ පෞද්ගලික බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා කටයුතු පුළුල් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා උපරීම දායකත්වයක් ලබා දී ඇත.

    දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වූ  (2018.08.10) දිනයේදීත් අලුයම සිට විශේෂ දුම්රිය 9ක් ක්‍රියාත්මක කර මගී ජනතාවට පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත් වූ බව දුම්රිය අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. හලාවත, මහනුවර, මහව, රඹුක්කන, මීරිගම, ගාල්ල, මාතර, අවිස්සාවෙල්ල, අනුරාධපුර - පොලොන්නරුව දුම්රිය අද දිනයේ ධාවනය කළ අතර (10) දින සවස ද කාර්යාල දුම්රිය කිහිපයක් හෝ මගී ජනතාව වෙනුවෙන් ධාවනය කිරීමට දුම්රිය පාලක මැදිරිය විශේෂ උනන්දුවක් ගන්නා බව ද සමරසිංහ මහතා පවසයි.

    ඊයේ රාත්‍රියේ ඉන්ධන දුම්රිය 3ක් ද ධාවනය කිරීමට හැකි බව සඳහන් කළ සමරසිංහ මහතා ඒ අතර කොළඹ කටුනායක ඉන්ධන දුම්රිය ධාවනය වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya