ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ''අහන්න'' ජාතික සංහිදියා වැඩසටහනට ප්‍රාදේශීය මට්ටමින් උණුසුම් ප්‍ර‍තිචාර - ප්‍ර‍ජා පොලිස් ඒකකවලින් ඉහළ දායකත්වයක්

    අගෝස්තු 13, 2018

    30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැඟීසිටීමට අපේක්ෂා කළ නමුත් පසුගිය දශකයට ආසන්න කාලය තුළ උතුරු නැගෙනහිර යුද්ධය නිමා කළත් රටේ ජනතාව අපේක්ෂා කළ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පසුගිය කාලපරිච්ජේදයේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති විය. 

    සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන “අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහනේ සිව්වන වැඩසටහන තිහාරියේදි සහ බේරුවලදී (2018.08.11) දින පැවැත්විණි.

    තිහාරිය මස්ජිදූර් ජුම්මා මහා පල්ලිය ඉදිරිපිට පැවති “අහන්න” වැඩසටහන සඳහා සම්පත්පත්දායකයින් ලෙස   සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍ර‍නාන්දු , නිදහසේ වේදිකාව සංවිධායක ප්‍ර‍සංග ප්‍ර‍නාන්දු යන මහත්වරුන් සහභාගි වූහ.

    විද්‍යානන්ද මහපිරිවෙණේ පරිවේණාධිපති ගලපිටමඩ ඉන්ද්‍ර‍න්ද හිමි, මල්වත්ත ශ්‍රී බෝධිවිහාරය සහ ධාතුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති, අත්තනගල්ල ශාසනාරක්ෂක බලමණ්ඩල විහාරාධිකාරී කලඔටුවාවේ ප්‍ර‍ඥාසාර හිමි, තිහාරිය මහපල්ලියේ මව්ලවි හම්සාර්, මව්ලවි මෆාස්, මව්ලවි ෆුර්තාන්, මව්ලවි හිල්ලත්, අත්නගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍ර‍ජා සම්බන්ධීකරණ නිලධාරී චින්තක බාලසූරිය මහතා, නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා, ග්‍රාම නිලධාරී, පොලිස් නිලධාරින් හා සිවිල් වැසියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    බේරුවල ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති “අහන්න” වැඩසටහන් ඊයේ බේරුවල පොලිස් ස්ථානයේ පැවති අතර එහි සම්පත්දායකයින් ලෙස සාමවිනිසුරු ප්‍රේමබන්දු ජයතිලක,  සුගත් එගොඩගේ,  ඒ. හේමසිරි මහතා එක්ව සිටියහ. එසේම ප්‍රදේශයේ ආගමික නායකයින්, බේරුවල පොලීසියේ පොලිස් ස්ථානාධිපති, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් මෙම ස්ථානයට එක්ව සිටියහ.වැඩසටහන් පැවැත්වෙන ප්‍රදේශවල ප්‍ර‍ජා පොලිස් ඒකක, සංහිඳියා යාන්ත්‍ර‍ණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව එක්ව මෙම වැඩසටහන සංවිධාන කෙරේ.

    අහන්න වැඩසටහනේ තවත් වැඩසටහන් 2ක්  ඊයේ දින (12) ඇල්පිටිය දිවිතුරුගම වතතුයායේ හා වරකාපොළ පැරණි පොළ භූමියේ පැවැත්විනි. මීලඟ වැඩසටහන  අද දින (13) සවස කෑගල්ල පැරණි පොළ භූමියේත් අනෙක් වැඩසටහන අම්බලන්ගොඩ මහාචේතිය විහාරයේත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයින් නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya