එදින ප.ව.3.00 සිට ප. ව. 5.00 දක්වා කොළඹ 7, ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ,ආර්,ජයවර්ධන කේන්ද‍්‍රයේදී පවත්වන මෙම සැමරුම් උත්සවයට අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජයේ ක‍්‍රියාධරයන් සහභාගි වන අතර ත එහි තේමාව ‘අතුරුදහන් කිරීම්වලට ඉඩ නොතබමු’යන්නයි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ විසඳුම් සෙවීමෙි අරගලයට වැදගත් ජයග‍්‍රහණයක් වූ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කිරීම සහ 2018 පෙබරවාරි මස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම තුලින් මෙම සැමරුම විශේෂත්වයක් ගනී.
මෙදින ප‍්‍රධාන දේශනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩගම වන අතර, අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ගේ නියෝජිතයන් ද එදින රැස්වීම ඇමතීමට නියමිතය.