ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍යවේදී කිත්නෙයාර් පැහැර ගැනීම පරික්ෂණයන්හිදී කථානායකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම - කතානායක කාර්යාලයෙන් පැහැදිළි කිරීමක්

    අගෝස්තු 20, 2018

    මාධ්‍යවේදී කිත්නෙයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලිසිය විසින් පවත්වන ලද පරික්ෂණයන්හිදී කථානායක කරු ජයසුරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳව විවිධ මාධ්‍යයන්හි පල වූ වාර්තාවන් පිළිබඳව කතානායක කාර්යලය පහැදිලි කිරීමක් කර තිබේ.

    ප්‍රවෘත්ති නිවේදනයයි

    මාධ්‍යවේදී කිත්නෙයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලිසිය විසින් පවත්වන ලද පරික්ෂණයන්හිදී කථානායක කරු ජයසුරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳව විවිධ මාධ්‍යයන්හි පලවූ වාර්තාවන් පිළිබඳව එතුමාගේ අවධානය යොමු ව ඇත.

    අදාළ පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව පුවත්පත් කතෘවරු සහ සහ මාධ්‍යවේදින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශයන් ලබා ගැනුනු අතර, ඒ සමඟින්ම ගරු කථානායතුමාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණය දැනුවත් කර ගරු අධිකරණයේ අනු දැනුම ඇතිව කථානායකතුමාගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

    එහිදී නීති ගරුක පුරවැසියෙකු විසින් ඉටු කළ යුතු යුතුකමක් ලෙස තමා අදාල සිද්ධිය පිළිබඳ දත් සියළු තොරතුරු පැහැදිලිව සඳහන් කර ඇත.

    නමුත්, මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස හෝ එය කවර ආකාරයක ප්‍රකාශයක් ද ? යන්න පිළිබඳව කිසිදු පාර්ශවයක බලපෑමක් හෝ යෝජනාවක් සිදු නොවූ අතර, එය හුදෙක්අධිකරණය දැනුවත් කර පොලිසිය මඟින් කරන ලද නිත්‍යානූකූල ඉල්ලීමකට
    ප්‍රතිචාර දැක්වීමක් පමණී.

    එමෙන්ම අදාළ ප්‍රකාශය කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් සිදු නොකරන ලද බවත්, නීතිගරුක පුරවැසියෙකු ලෙස නීතියත්,යුක්තියත් ඉටු කිරීමට සහාය දීමක් පමණක් බවත්, ගරු කථානායකතුමා අවධාරණය කරයි.

    කථානායක මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya