ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ගම්පෙරළිය වැඩසටහන - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුනු යෝජනා අනුමැතිය සදහා අමාත්‍යංශයට යොමු කර අවසන්

    අගෝස්තු 21, 2018

    ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක කරන ගම්පෙරළිය වැඩසටහන සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත යෝජනා ක්‍රම 964 ක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යොමු කළ බව මහනුවර දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඩබ්.එම්.ආර්.කේ.කේ.විජේසුන්දර මහත්මිය පැවසුවාය.

    අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (20) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුනු යෝජනා අතරින් වැඩිම යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කොට ඇත්තේ හේවාහැට මැතිවරණ කොට්ඨාශයෙනි. එම යෝජනා සංඛ්‍යාව 255 කි. යෝජනාවල වටිනාකම මිලියන 269 කි. ගලගෙදර මැතිවරණ කොට්ඨාශයෙන් රුපියල් මිලියන 200 වටිනාකමකින් යුත් ව්‍යාපෘති යෝජනා 191 ක් ලැබී ඇති අතර, කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් රුපියල් මිලයන 200 ක් සදහා ව්‍යාපෘති 272 ක් ඉදිරිපත් කොට තිබේ.

    නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයෙන් යෝජනා 182 ක් යොමු වී ඇති අතර, ඒ සදහා ඉල්ලා ඇති මුදල මිලියන 200 කි. මහනුවර සෙංකඩගල මැතිවරණ කොට්ඨාශයෙන් ලැබී ඇති යෝජනා සංඛ්‍යාව 64 ක් වන අතර, ඒ සදහා ඉල්ලා ඇති මුදල මිලියන 103 කි.

    මෙම යෝජනා අතර මාර්ග, ජල පහසුකම්, පාසල් සංවර්ධන කටයුතු, සහ වාරිමාර්ග සංවර්ධන යෝජනා ඇතුළු දිළිදු පවුල් සදහා සෙවිලි තහඩු ලබා දීම යනාදී තවත් යෝජනා රැසක් ඇතුලත්ව තිබෙන බවද මහනුවර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරිය
    පැවසුවාය. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය ලැබුනු වහාම මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය වැසටහන තුළින් ගම්මාන මට්ටමින් සීග්‍ර දියුණූවක් අත්පත් කර
    ගැනීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙන ලදී.

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ නගර සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහත්වරු ඇතුළු මහජන නියෝජිතවරු රැසක් සහ මහනුවර දිස්ත්‍රික්
    ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද මෙම කමිටුව සදහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya