සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී ඊයේ (20) පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී මෙම උපදෙස් ලබාදෙන ලදි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතය. පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරනු ලබන වැට් අගය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව නියම කරනු ලබන ගාස්තු ඇතුලත් පැකේජය තුලට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුලත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි. මේ අතර වතුකරයේ ත්‍රීපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා ගැනීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය, කළුතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වල විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද තීරණය විය. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කාර්යාල වල සහ වතු අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිපෝෂ බෙදාහැරිමට ද කටයුතු යොදා ඇත.
මේ අතර ඩෙංගු රෝගය පාලනය කිරිම පිළිබදව ද ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී අවධානය යොමු විය. ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කළේ මේ වන විට 2016 ට වඩා 2018 වසර තුල ඩෙංගු රෝගීන්ගේ සියයට 80 ක අඩුවක් දක්නට ලැබෙන බවයි. ඩෙංගු මරණ අනුපාතය දශම 1 දක්වා අඩු වී ඇත. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ධූමායන කටයුතු සහ නිවාස පරික්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් බී.ජි.එස් ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ