ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා පළමු ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය විවෘත කෙරේ

    අගෝස්තු 22, 2018

    බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා දිගින් දිගටම කරනවා නම් ඉතිරි ටිකත් මාරු කරනවා.මේ බන්ධනාගාර තුළ ඉද ගෙන මත් කුඩු ව්‍යාපාරයේ පවත්වා ගෙන යන අය සම්බන්ධව අපිට රජයක් හැටියට තීරණයක් ගන්න සිදු වෙලා තියෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙ අදහස් පළ කළේ මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) පෙරවරුවේ අළුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී එක්වෙමිනි.

    එහිදි නව විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණ තුළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යවරිය එක් විය.

    එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට අමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නාය.


    ප්‍රශ්නය -ඇමතිතුමියට සතුටුයි දැන් -


    පිළිතුර-

    විශේෂ සතුටක් නැහැ .2015 ජනවාරි 08 වෙනිදා ජනතාවට කියපු දෙයක් තමයි රජයේ මුදල් අවභාවිතා තියෙන වෙලාවට ඒ අය සම්බන්ධයෙන් නිසි දඩුවම් දෙන්න කියලා .ඉතිං අපිට කාලයක් ගියා ඊට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා මේවා සම්මත කරලා ස්ථාන හොයා ගෙන පළවෙනි ත්‍රි පුද්ගල මහාධිකරණය පිහිටුවන්න.මං හිතනවා මගේ වගකීමක් ඉටු කළා කියලා.


    ප්‍රශ්නය-ඒ එක්කම ඊයේ හිටපු ජනාධිපතිතුමා කියලා තිබුණා ප්‍රශ්න කිරීමේදී අමතක වුණා කියලා .ඒ වගේම මෙතන එන අයත් ඒ න්‍යායම භාවිතා කළොත් එහෙම යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා ද ඇත්ත දැන ගැනීමට .

    පිළිතුර -ඒක මගේ වැඩක් නෙමෙයි.ගරු විනිසුරුතුමන්ලාගේ වැඩක් .ඒ කියන්නේ අවශ්‍ය කරුණු අනාවරණය කර ගන්න එක එතුමන්ලාගේ කාර්ය භාරයක් සහ පරීක්ෂණ කටයුතු මෙහෙය වන
    ආයතනවල වැඩක්.


    ප්‍රශ්නය-ඒ වගේම මේ වන විට බන්ධනාගාරවල රැදවියන් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා
    .ඇයි මේ එක පාරටම මේ වගේ දිගින් දිගටම සිදු වෙන්නේ.


    පිළිතුර-මෙහෙමයි ඉතිං එක පාරටම වෙනවා නෙමෙයි.අපි දැන් බන්ධනාගාර තුළ යම්කිසි පාලනයක් ඇති කරනවා.දැන් අවුරුදු 42 කට පස්සේ බන්ධනාගාර තුළ සිදු කරමින් යන කටයුතු නිසා.මේ බන්ධනාගාර තුළ ඉද ගෙන මත් කුඩු ව්‍යාපාරයේ පවත්වා ගෙන යන අය සම්බන්ධව අපිට රජයක් හැටියට තීරණයක් ගන්න සිදු වෙලා තියෙනවා.ඉතිං බන්ධනාගාරය තුළ ඉන්න සියලුම රැදවියන් මේ අතලොස්සක් කරන වැඩවලට වගකියන්න ඕන නැහැ .විශේෂයෙන් ඔය කාන්තා රැදවියන්ගේ ස්ථානයේ මේ සදහා අපිට තොරතුරු ලැබිලා තියෙනවා .පිටතින් මේ මත් ද්‍රව්‍ය එනවා කියලා ඉතිං ඒ වෙනුවෙන් අපිට ගන්න සිද්ද වුණා තීන්දු තීරණ කිහිපයක් . හිටපු නිලධාරීන් සම්බන්ධව තීන්දු තීරණ කිහිපයක් ගන්න තිබුණා.ඒ වගේම ඒ සදහා යොමු වුණු රැදවියෝ දැන් ඔය වහලය උඩ ඉද ගෙන හේතුවක් නැතිව කෑ ගහන අය පුරුද්දක් හැටියට කාලයකට ඇවිල්ලා යන අය.ඊයේ පෙරේදා තමයි නඩු ප්‍රමාදය ගැන කථා කරන්නේ .ඉතිං ඒ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය යටතේ තියෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනම් කරලා තියෙනවා. දිගින් දිගටම කාන්තාවන් හැටියට ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා නම් ඇප දීලා වැඩක් නැහැ කියලා හිතලා ඇති කවුරු හරි.


    ප්‍රශ්නය -මහ බැංකුවේ නඩුවත් මේකට එනවා ද?


    පිළිතුර-ඒක ඉතිං මට කියන්න බැහැනේ .මම නෙමෙයිනේ ඒවා තීරණය කරන්නේ.

    ප්‍රශ්නය-එහෙම දැනුම් දීමකින් තොරව බන්ධනාගාර රැදවියෝ මාරු කරන්න පුළුවන් ද?.


    පිළිතුර-රැදවියෝ ඕනම බන්ධනාගාරයකට මාරු කිරීමේ බලය බන්ධනාගාර ඇමති විදිහට මට පනතෙන් ලබාදීලා තියෙනවා.ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් මාරු කිරීම් කරනවා.කිසිම වෙලාවක කවුරු මොනවා කිවුවත් නතර කරන්නේ නැහැ.අපි කැප වෙලා ඉන්නේ .අපිට ජනප්‍රිය වෙන්න නෙමෙයි අපිට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා කරන කොට.දිගින් දිගටම මේවා කරනවා නම් ඇබ්බැහි වෙච්ච අය.නිරන්තරයෙන්ම ඉතිරි ටිකත් මාරු කරනවා.


    ප්‍රශ්නය-ඊයේ දිනයේ කි දෙනෙක් මාරු කළා ද

    පිළිතුර-ඊයේ දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ ඇති වෙච්ච තත්වය පාලනය කරන්න මේකට නායකත්වය දුන්න 52 ක් මාරු කරලා තියෙනවා.

     
    ප්‍රශ්නය-මේ විදිහට කාන්තාවන් දිගින් දිගටම උඩට නගින එක ඒ අය මාරු කිරීමෙන් නතර වෙයිද ඔබතුමිය හිතන විදිහට .


    පිළිතුර-නැහැ මේවාට නායකත්වය දෙන්නේ බන්ධනාගාර ගත වෙලා ඉන්න ඉතා සුළු පිරිසක්.වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මත් ද්‍රව්‍යවලට සම්බන්ධව ඉන්න පිරිසක් තමයි .නවත්වන එක නොනවත්වන එක ඒ අයගේ වැඩක්.හැබැයි වගකීමක් ඇතිව වැඩ කරන එක අපේ වැඩක්.


    ප්‍රශ්නය -අපේ හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට තරග කරන්න අදහසක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යනවා කියනවා .ඔබතුමියගේ යම් අදහසක් තියෙනවා ද ඒ ගැන එහෙම පුළුවන් ද එන්න.


    පිළිතුර-ඒක එතුමාගේ වැඩක් නේ.අපි දන්න විදිහට නම් අමාරුයි.එතුමා ඉතිං 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 2010 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයෙන් පස්සේ මාස තුනක් යන්න ඉස්සෙල්ලා 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ජේ.ආර්.ජයවර්ධන මහත්තයා හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළා.ඒ ව්‍යවස්ථාවේ තියෙන්නේ ප්‍රංශය ඇමෙරිකාව වගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ ඕනෑම කෙනෙකුට ජනාධිපති තනතුර දරන්න පුළුවන් දෙපාරක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya