මැයි 02, 2025
tami eng youtube  twitter facebook

    රජයේ සංවර්ධන සංග‍්‍රාමය වෙනුවෙන් ‘සංවර්ධන වාසනාව’ විශේෂ ලොතරැයියක්

    අගෝස්තු 22, 2018

    රට තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන සංග‍්‍රාමයන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් “සංවර්ධන වාසනාව” නමින් විශේෂ ලොතරැයියක් අද දින වෙළදපලට නිකුත් කෙරුණි.


    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව දිළිදුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ කරන ලද ග‍්‍රාම ශක්ති ව්‍යාපාරය සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන Vision 2025, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා ගම්පෙරළිය සංවර්ධන සංග‍්‍රාමය පාදක කරගනිමින් මෙම විශේෂ ලොතරැයිපත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කර ඇත.

    ඌව වෙල්ලස්ස සංවර්ධනයසනිටුහන් කරමින් මොණරාගල පවත්වන ගම්පෙරළිය ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම ලොතරැයිපත අලෙවි කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.
     ටිකට්පත එළිදැක්වීම අද දින (2018.08.21) ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් මුදල් අමාත්‍යංශයේදී සිදුකෙරැණි. මෙම ටිකට්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස් ඒ පී සූරියප්පෙරුම මහතා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා ඇතුලු නිළධාරීන් සහභාගී විය.

    වසර ගණනාවක් ජනතා විශ්වාසය දිනාගනිමින් ජනප්‍රියත්වයට පත්ව තිබෙන සංවර්ධන වාසනාව ලොතරැයියේ මෙම විශේෂ දිනුම් ඇදීම තුළින් රුපියල් කෝටියකින් පටන්ගන්නා සුපිරි ජයමල්ල ඇතුලු මුදල් ත්‍යාග , ස්වර්ණ තිළිණ ත්‍යාග වලට අමතරව වටිනා වැගන් ආර් මෝටර් රථයක් සහ ස්කූටි රථ තුනක් දිනා ගැනීමට අවස්ථාව හිමිකර දී ඇත.

    එළඹෙන සැප්තැම්බර් 27 වනදා දිනුම් ඇදීමට නියමිත මෙම විශේෂ දිනුම් ඇදීමේ ටිකට්පත හරහා ඔබට වාසනාවත් රටේ සංවර්ධන සංග්‍රාමයට ශක්තියත් උදා කරදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya