ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    වෘත්තීය සමිති කඩාබිඳ දැමීමට කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ-ප්‍රවාහන අමාත්‍ය

    අගෝස්තු 24, 2018

    පසුගිය අටවන(08) දින දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භකල වැඩ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට හා අසරණ භාවයට පත්වූ දුම්රිය මගීන් වෙනුවෙන් ඉදිරිපත්වී කටයුතු කල දුම්රිය නිලධාරීන් හා සියළු සේවකයන්ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රණාමය පුද කරයි.


    මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් (22) දින පස්වරුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මෙහිදී අදහස් දැක්වූ නිමල් සිරිපාලද සිල්වා මහතා - 

    පසුගිය වැඩ වර්ජන අවස්ථාවේ දුම්රිය ධාවනය යම් තරමකින් හෝ පවත්වාගෙනයාමට සහයෝගය ලබාදුන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් සියළු සේවක මහතුන්ට අපගේ ප්‍රණාමය හා ස්තූතිය පුද කරනවා. ඒ වගේම ඔබ කරන ලද සේවාවද අගය කිරීමට මා කටයුතු කරනවා.

    කිසිසේත්ම මෙය වැඩ වර්ජකයන්ට එරෙහිව ගෙනයන ක්‍රියාදාමයක් නොවේ. වැඩ වර්ජනය කිරීමේ සම්පූර්ණ අයිතිය වෘත්තීය සමිතිවලට තියෙනවා.වෘත්තීය සමිති කඩා බිද දැමීමට මට කිසිසේත්ම උවමනා නැහැ වෘත්තීය සමිතිවලට වෘත්තීය අයිතිවාසිකම් ලබාගන්න අවශ්‍ය සියළු කටයුතු මා විසින් ඉටුකරල දීලා තියෙනවා. වැටුප් විෂමතාවයන් සම්බන්ධව මම අමාත්‍ය මණ්ඩලයේදී උපරිමයෙන් කතා කලා. ඒ හැම මොහොතකම මම භාණ්ඩාගාරයේ පැත්ත නොවේ ගත්තේ වෘත්තීය සමිති පැත්තයි ගත්තෙ. නමුත් ඒ සටනින් අපිව පරාජයට පත්වූනා. එහෙම වෙන්න හේතුව ඒ වැටුප්තල ලබාදීමෙන් ඇතිවන ගැටළුවයි. අපට භාණ්ඩාගාරයේ හා රජයේ උපදෙස් පිළිගන්න වෙනවා.

    විශේෂයෙන්ම එදා පූර්ණ දැනුම්දීමකින් තොරව සිදුකල වැඩ වර්ජනයේදී අසරණභාවයට පත්වුණු මගීන් ගැන සිතා ඔවුන්ට සහනයක් ලබාදීමට ඔබ සියළු දෙනාම මැදිහත්වී කටයුතු කලා .ඒක තමයි අපි අගය කරන්නේ. ඔබගේම මිත්‍රයන් සහ සහෝදර සේවකයන් තමයි මේ වැඩවර්ජනය කරන්නේ. නමුත් ඔබ ජනතාවගේ පැත්තතෙන් බලලා ස්වාධීනව මේ තීරණයට එකඟවෙලා මේ සේවාවන් යම් ආකාරයකින් පවත්වාගැනීමට රජයට සහයෝගය දුන්නා. බොහෝ අය තමන්ගේ හදවතට එකඟව මෙම කටයුතු කරනු ලැබුවා. ඒක අපි ඉතාමත්ම අගය කරනවා. මෙවැනි වැඩවර්ජන ඇතිවන මොහොතක රජයක් වශයෙන් අමාත්‍යවරයා වශයෙන් අපිට යම් යම් තීරණ ගන්න වෙනවා. ඒ ජනතාව වෙනුවෙන්. රජයක් වශයෙන් ජනතාව පීඩනයට පත්කරන්න කොහෙත්ම බැහැ .

    දෙසැම්බර් මස තිස්එක (31) වනවිට සියළු ආවරණ පත්වීම් ස්ථීර පත්වීම් බවට පත්කරලා සියළු උසස්වීම් ලබා දීලා හොඳ දුම්රිය සේවාවක් ගෙනියන්නට කටයුතු කරන මෙන්ද, වැඩ වර්ජනය කල අය සමඟත් පෞද්ගලික තරහ තබානොගෙන සහෝදරත්වයෙන් කටයුතු කරන මෙන්ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වර්ජකයන්ගේ ක්‍රියාදාමය පිළිබඳ ප්‍රශ්න තිබුනත් ඔවුනුත් සමඟ අත්වැල් බැඳගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගමනය සඳහා කටයුතු කරන මෙන් ද මා ඉල්ලා සිටිනවා. 

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමා, අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya