ඒ අනුව අගෝස්තු මස 24 වන සිකුරාදා ( අද ) දින පෙ.ව.8.00 ට සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය සන්දිලිප්පායි හින්දු විද්‍යාලයේදී පැවැත්වෙන අතර 25 වන සෙනසුරාදා දින පෙ.ව. 8.00 ට උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 26 වන ඉරිදා දින පෙ.ව. 8.00 ට කරවෙට්ටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය කරනවායි පොන්නම්බලම් විද්‍යාලයේදී පැවැත්වෙන අතර 27 වන සඳුදා දින පෙ.ව. 8.00 ට මරුතංකේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ජනතා සේවය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජනාධිපති කාර්යාලයේ සහ අගමැති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරයි. මෙහීදී ජනතාවගෙන් කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම,සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබාදෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවේදී ප්‍රතිලාභීන්ට ඇස් කණ්ණාඩි, ඉඩම් ඔප්පු, ගැබිනි මවට උත්තම පූජා වැඩසටහන යටතේ පෝෂණ මුද්දර, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ උපකරණ ලබාදීම්, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු ඇතුළු තවත් ප්‍රදානයන් රැසක් සිදු කිරීමට නියමිතය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු, දෙවන සහ තුන්වන වැඩසටහන් පොළොන්නරුව, ගාල්ල හා වව්නියාව දිස්ත්‍රික්කයේදී ඉතා සාර්ථකව අවසන් විය.