''ජන පවුර '' ජාතික වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසී ය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මෙම වැඩසටහන දීප ව්‍යාප්තව පැවැත් වීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය;
''දරුවා මගේය'' යන සංකල්පය වෙනස් කොට ''දරුවා අපේය'' යන සංකල්පය සමාජ ගත කිරීමට කටයුතු කිරීම මෙහි අරමුණයි. ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කර දීමටත් එමගින් සිදු කෙරෙනවා. ළමා අපයෝජන වැළැක්වීම , හඳුනාගැනීම සහ ඊට අවශ්‍ය ක්ෂණික පියවර පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනට අයත් වේ. ''ජනපවුර'' ජාතික වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා වසම් 14021ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය, දරුවන් පිළිබද වගවීම සමස්ත සමාජයේම යුතුකම වන බවත් ළමා අපයෝජන වාර්තා කිරීමේදී ද මාධ්‍යට විශාල වගකීමක් තිබෙන බවත් අපයෝජනයට පත් වන දරුවා පිළිබඳ රහස්‍යභාවය රැක ගනිමින් ඡායාරූප, නම් ගම් හෙළි නොකිරීමටත් දරුවාගේ මනස නැවත හිංසනයට පත් නොවන අයුරින් වාර්තා කිරිමට මාධ්‍ය පරෙස්සම් විය යුතු බවත් පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂිකා ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසූවේ, මෙම වැඩසටහන තුළින් දිනපතා ළමා ආරක්ෂණ අධිකාරියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් තම ආයතනය ක්ෂණිකව ක්‍රියාත්මක වන බවයි. 2018 ජූලි 31 වන දින වන විට 5593ක පැමිණිලි ප්‍රමාණයක් තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු මනෝ සමාජමය
කටයුතු හා සාක්ෂි ලෙස ඊට අදාළ වීඩියෝ පටද ලබා ගැනීම සිදු වන බව පැවසුවය.
එසේ ම දරුවන්ගේ තොරතුරු ඇතුළත් ජාතික දත්ත පද්ධතියක් මේ වන විට සකස් කරමින් පවතින බව පැවසූ ඇය මුළු රට පුරාම 80,000කට අධික ස්වේච්ඡා නිලධාරින් පිරිසක් වසර 02ක් ඇතුළත පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවාය.
පැය 24 පුරා හා දින 365 පුරා ක්‍රියාත්මක වන 1926 යන හදිසි ඇමතුම් අංකයට කතා කොට ඕනෑම පැමිණිල්ලක් කිරීමට හැකි බව ද ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසුවාය.