ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    විජලනය කර වියළි පළතුරු අළෙවියෙන් ගොවියාට අතුරු ආදායම් මාර්ගයක් සැලසීමේ වැඩ පිළිවෙළක්

    අගෝස්තු 25, 2018

    රටේ පළතුරුවලින් සියයට 40කට වැඩි ප්‍රමාණයක් අස්වනු වැඩිවන කාලයට අලෙවි කර ගත නොහැකිව අපතේ යන බව සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් වී ඇතැයි කෘෂිකර්ම අමත්‍යාංශය පවසයි.

    විශේෂයෙන් අඹ, කෙසෙල්, අන්නාසි හා දොඩම් මෙන්ම වරකා ද මේ අන්දමින් බහුල වශයෙන් අපතේ යන පළතුරු ලෙස සැළකේ.

    මෙම පළතුරුවල අස්වැන්න වැඩි කාලයට ඒවා විජලනය කර වියළි පළතුරු වශයෙන් සකස් අලෙවි කර ගොවියාට අතුරු ආදායම් මාර්ගයක් සැලසීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් හඳුන්වා දුන් අපි වවලයි- අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික වැඩ සටහන යටතේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

    ඒ අනුව පළතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10ක් මෙම වසර තුළ ජර්මනියෙන් මිල දී ගැනීමට යෝජිත අතර එම යන්ත්‍ර අවම වශයෙන් එක් පළාතකට එකක් බැගින් බෙදා දී පළතුරු විජලනය කිරීමේ මධ්‍යස්ථාන ඇරඹීමට යෝජිත අතර ඒ සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

    මේ වනවිටත් ගන්නොරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය විසින් විජලනය කළ පළතුරු සකස් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී. (23)දින එහි ගිය කෘෂිකර්ම අමාත්‍යවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර ඉන් අනතුරුව පැවැති මෙරට විශ්ව විද්‍යාලයන්හි කෘෂිකර්ම අංශයට අදාල ආචාර්ය මහාචාර්යවරුන් සමග පැවැති සාකච්ඡාවේ දී මෙරට විජලනය කළ පළතුරු ප්‍රථම වරට සාකච්ඡාවක දී අතුරුපස වශයෙන් බෙදා දෙනු ලැබීය.

    ඒ අනුව විජලනය කළ කර්තකොලොම්බන් අඹ හා කෝලිකුට්ටු කෙසෙල් හා වරකා ද අතුරු ආහාර වශයෙන් පිරිනමනු ලැබීය.

    අපේ රටේ මේ වනවිට මෙවැනි සාකච්ඡාවල දී අතුරු ආහාර වශයෙන් පිරිනමනුයේ දියවැඩියාවට හේතුවන සීනි සහිත පැණිරස අධික ආහාර වර්ගය. නමුත් මෙවැනි විජලනය කළ පළතුරු අතුරු ආහාර වශයෙන් ලබා දීම මගින් සිරුරට පෝෂ්‍ය ගුනයත්, ගොවීන්ට අමතර ආදායමකුත් ලබා ගැනීමට හැකිවන අතර පළතුරු අපතේ යාම ද වළක්වා ගත හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    මෙම වැඩපිළිවෙළ පළමුවෙන් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී හඳුන්වාදීමට අදහස් කරන බැව් කී අමාත්‍යවරයා ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටත් ලබා දෙන අතර එමගින් මෙවැනි විජලනය කළ පළතුරු භාවිතයේ ඇති වැදගත්කම රටේ සියලු ජනතාවට පැහැදිළි කිරීමේ වැඩ සටහනක් අරඹන බව ද කීය.

    මෙම කර්මාන්තය මගින් අපේ රටේ කාන්තාවන්ට අමතර ආදායමක් උපයා ගත හැකිවා මෙන්ම මේ අන්දමින් විජලනය කළ පළතුරු සඳහා ජාත්‍යන්තර තුළ ඉහළ ඉල්ලුමක් ද ඇති බවද එම වෙළෙඳපොලට යැවීමට උචිත පලතුරු රැසක් අපේ රටේ ඇති බවත්, විශේෂයෙන් අඹ, අන්නාසි හා වරකා වලට හොඳ ඉල්ලුමක් ජාත්‍යන්තරයේ දී ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya