පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඉල්ලීම මත මෙම ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා “හිටපු පොලිස් නිලධාරීන්ගේ කුසලතා සදහා වූ සංසඳය” අනුග්‍රාහකත්වය දක්වන ලද අතර අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇස් පරීක්ෂා කිරීම සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි වූ අතර සහායක සේවා හා තොරතුරු තාක්ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු, සුභසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, රාජිත ශ්‍රී දමින්ද, සුභසාධක කොට්ඨාස භාර අධ්යක්ෂ, දමයන්ත විජය ශ්‍රී යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.