ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ දකුණු කොරියානු ගුවැන්ජු මෙට්ට්‍රොපොලිටන් ආයතනයයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත දකුණු කොරියාව විසින් මෙරට තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සඳහා පුහුණුව ලබාදීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වැඩසටහන එහි එක් පියවරකි.
පළාත් නවයම නියෝජනය වන ආකාරයෙන් මේ සඳහා ගුරුවරුන් තෝරා ගෙන ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලියේ දී ගුරුවරුන්ගේ තරග ඉසව්ව නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනාගත් ගුරුවරුන්ට ද මෙම අධ්‍යයන සංචාරය සඳහා වරම් ලැබී තිබේ.
මෙම මස 27 දින සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා මෙම පුහුණු වැඩසටහන කොරියාවේ දී පැවැත්වෙන අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳ මෙන්ම දකුණු කොරියාවේ සුහුරු පංති කාමර සහ ඊ- අධ්‍යාපන අවස්ථා පිළිබඳව ද හැදෑරීමට එම කණ්ඩායමට ඉඩකඩ ලබා දී තිබේ.
සංචාරයේ නිරත ගුරුවරුන්ට අදාල සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.
මෙහිදී කණ්ඩායමට සුභ පැතූ අධ්‍යාපන අමාත්‍යවරයා, තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකය ජය ගත හැකි දරු පිරිසක් නිර්මාණය කිරීම වෙනුවෙන්, ලබා ගන්නා අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන උපරිම කැපවීමෙන් රාජකාරි සිදු කරන ලෙස ද ඉල්ලීමක් සිදු කළේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.එස්. හේවගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද එක් වූහ.