රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේ, කලමැටිය ධිවර වරායේ ඉදිකිරීම් සහ එම ඉදිකිරීම් පිළිබදව ධිවර ජනතාව එල්ල කරන චෝදනා පිළිබඳව සොයාබැලීම් නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.
මෙම නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමඟ,රාජ්‍ය ලේකම් ඩබ්ලිව්.පි. සන්දනායක මහත්මිය, රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජි.එම්.දිනේෂ් කුමාර මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් , ධිවර සංගම් නියෝජිතයින් , ධිවර ජනතාව , කලමැටිය ධිවර වරාය ඉදිකිරීමේ උපදේශක සමාගම් නිලධාරීන් , ඉදිකිරීම් භාර සමාගමේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඔවුහු ධිවර වරායේ සියලු ඉදිකිරීම් එකින් එක නිරීක්ෂණය කර ඒ පිළිබද අදාළ සියලු දෙනාගෙන් කරුණු විමසමින් පවතින ගැටළු සාකච්ජා කර එම ගැටළුවලට විසදුම් ලබාදෙමින් වඩාත් සාර්ථක සහ රටට මෙන්ම ධිවර ජනතාවට වඩාත් වාසිදායක ලෙස වරාය පරිහරණය කිරීම සදහා මෙන්ම අනාගත සැලසුම් වලට පහසුකම් සැලසීමට හැකි වන ලෙස කලමැටිය ධිවර වරායේ ඉදිකිරීම් සිදුකිරීමට තීන්දු තීරණ ගැනීමද මෙහිදී සිදු වුහ .
කලමැටිය ධිවර වරායේ ඉදිකිරීම් ආරම්භ කල අවදියේ නිසි ලෙස එය සැළසුම් නොකිරීම නිසා බොහෝ ගැටළු මතු වී ඇති බව මෙහිදී ධිවර ජනතාව පෙන්වා දුන්හ . ඔවුහු පැවසුවේ අදාළ ඉදිකිරීම්වල පවතින අසාර්ථකභාවය පිළිබදව වසර ගණනාවක් තිස්සේ කරුණු ඉදිරිපත් කලත් පලක් නොවූ බවය . පසුගිය කාලයේ මෙම වරායේ ඉදිකිරීම් ඇනහිට තිබු බවට ධිවරයින් මෙහිදී චෝදනා කළහ .
කුමන වරායන් ඉදිකළද එය පරිහරණය කරන පිරිසට වඩාත් ප්‍රයෝගික සහ බාධාවකින් තොරව සිය කර්මාන්තයේ හෝ වෘත්තීයේ නිරත වීමට හැකියාව තිබිය යුතු බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එසේ නොමැතිව අදාළ ඉදිකිරීම් කා වෙනුවෙන් සිදුකරන්නේද යන්න සියලු පාර්ශව අවබෝධ කරගත යුතු බවද පැවසිය .
වරාය ජැටියේ ඉදිකිරීම්වල ගැටළු මෙන්ම ප්‍රවේශ මාර්ග , රථගාල , වෙළද සංකිර්ණය , ඇතුළු කාර්යාල ගොඩනැගිලි මෙන්ම ජලය , විදුලිය ඇතුළු සෙසු පහසුකම් සැලිසීම පිළිබදව ද මෙහිදී කරුණු විමසා එම සියළු කටයුතු කාලීනව වෙනස් කිරීම් වලට භාජනය කළ යුතු ආකාරය පිළිබද සියළු පාර්ශවවල එකගත්වය මත අදාළ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට තීරණය වුහ .
ඒ අනුව සියලු ඉදිකිරීම් නොවැම්බර් මස අවසන් වීමට පෙර සිදුකිරීමටත් , එම ඉදිකිරීම් පිළිබද සෑම දෙසතියකට වරක් සමාලෝචනය කිරීම සදහා රාජ්‍ය ලේකම් ඩබ්ලිව් , පි . සන්දනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජි.එම්.දිනේෂ් කුමාර මහතාගේ සහ ධිවර සංගම් නියෝජිතයින් , ධිවර කාර්මිකයින් ඉදිකිරීම් සහ උපදේශන සමාගම් නියෝජිතයින් මෙන්ම ධිවර වරාය නැංගුරම්පල ඉදිකිරීමේ ව්‍යාපෘති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කම්ටුවක් ඒ අවස්ථාවේදී ම පත් කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කටයුතු කළේය .
මෙම කම්ටුව වරායේ ඉදිකිරීම් හි ප්‍රගතිය පිලිබදව සෑම මසකම වාර්තාවක් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දිය යුතු බවද ධීවර අමාත්‍යාංශය පවසයි.