ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ''දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය'' සැප්තැම්බර් 4-5 දිනවල

    අගෝස්තු 28, 2018

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍ර‍ධාන තොරතුරු තාක්ෂණ ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. එය 2018 සැප්තැම්බර් 4- 5 වන දින මාතර දී පැවැත්වීමට නියමිතය.


    මෙම වැඩසටහන පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් 2018 අගෝස්තු මස 27 වන සදුදා දින පෙ. ව 9.00 ට අපනයන සංවර්ධන මණ්ඩල 9 වන මහල් පරිශ්‍රයේදී පවත්වන ලදි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, SLASCOM, FITIS සහ ICTA නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවට සහභාගී විය .

    මෙහිදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි හා ප්‍ර‍ධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මිය සඳහන් කලේ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍ර‍මවේදය තුලින් උපරිම ප්‍ර‍තිලාභ රටට ළගාකිරීමට සියළු කටයුතු සිදුවන අතර ඒ යටතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවී තිබෙන බවයි. ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම මගින් මේ සඳහා නිවැරිදි දැක්මක් සමගින් වැඩපිළිවෙලක් දියත් කරමින් පවතින බවද ඇය සඳහන් කළා. දකුණු පලාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය එහි එක් වැඩලිළිවෙලක් වන අතර ඒ සදහා ඉදිරියේදී පළාත් මට්ටමින් දැනුවත් කිරීම් සිදුකෙරෙන බව ද ඇය සඳහන්  කළාය.

    පසුගිය දශකය තුළ ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) කර්මාන්තය 300% කින් වර්ධනය වී ඩොලර් බිලියන 1.2 ක් දක්වා ආදායමක් ලබා ඇති අතර 80,000 කට අධික වෘත්තිකයින්ට රැකියා ලබා දී ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම අපනයන උපයන්නා බවට පත්ව ඇත.

    රජයේ ජාතික අපනයන සැලසුම අනුව, තොරතුරු තාක්ෂණ හා ඒ ආශ්‍රිත සේවා කර්මාන්තය වසර 2022 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ආදායමක් ලබාගැනීමටත්, සෘජු රැකියා 200,000 ක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වේ.මෙම ඉලක්කයන් සාක්ෂාත් කරගත හැක්කේ අගනුවර සමාගම් හා ප්‍රාදේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කරවීම මගින් වෘත්තිකයන් හා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමෙනි.ප්‍රාදේශීය කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ ධාරිතාව ගොඩ නැගීමේ කාර්යය මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සමගින් ප්‍රාදේශීය දැනුවත් කිරීමේ වැඩසටහන් ("IT / BPM Week") සංවිධානය කිරීම සිදුකරනු ලබයි.

    මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කොළඹින් පිටත නගරවල උපාධි අපේක්ෂකයින්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා පෝෂණය කිරීම සහ ව්‍යසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ළඟා කරවීම සඳහා මඟපෙන්වීමයි.

    මෙම ව්‍යාපෘතිය සදහා සංවර්ධනඋයමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය (MODSIT) සමගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) යන ආයතන සහයෝගයෙන් කටයුතු කරනු ඇත.කලාපීය ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය සඳහ ජාතික අපනයන සැලසුම යටතේ "දකුණු පලාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) සතිය" යනු මෙහි එක් වැඩසටහනක් වන අතර මෙයට පෙර වසරවලදී උතුරු පලාත සහ මධ්‍යම පළාත ආවරණය වන ලෙස දැනුවත්කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.


    මෙම වැඩසටහන සැප්තැම්බර් 4 සහ 5 දිනවල මාතර දී පැවැත්වීමට නියමිතය. මෙම දින දෙක තුළ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) කර්මාන්තයේ විශේෂඥයන් මාතර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 350 ක් සහ දකුණු පළාතේ දේශීය ව්‍යවසායකයින් 150 ක් දැනුවත් කිරීම සඳහා රැස්වේ.ව්‍යවසායකයින් සඳහා වූ වැඩමුළුව සැප්තැම්බර් මස 4 වන දින මාතර Grand Navro හෝටලයේදී පැවැත්වෙනු ඇති අතර තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා වැඩමුළුව සැප්තැම්බර් මස 5 වන දින රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.


    තොරතුරු තාක්ෂණය / ව්‍යවසායකත්වය තෝරා ගැනීමේදී අනාගතයේ දී වෘත්තිකයන් ලෙස දිරිගැන්වීම සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දේශීය ව්‍යාපාර ආරම්භ කිරීම දිරිගැන්වීම හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපදෙස් දීම මෙම වැඩසටහනේ මූලික අරමුණු වේ. ක්ෂේත්‍රයේ ප්‍ර‍වීනයන් වන වර්චුසා(Virtusa) හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි මධු රත්නායක මහතා , සහ SLASSCOM හි හිටපු සභාපති රුවින්දු පීරිස් මහතා SLASSCOM වත්මන් සභාපති ජීවන් ඥානම් මහතා සහ Calcey Technologies හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න‍ මහතා මෙම වැඩමුළුව සඳහා සහභාගී වනු ඇත

    තාක්ෂණ ව්‍යවසායකයින් සඳහා වැඩමුළුව තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරන සහභාගීවන්නන්ට පහත දැක්වෙන වැඩසටහන් වලට පිවිසීමට හැකියාව ඇත.

    * නව තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වන වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව

    * ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන ( ITC) විසින් ක්‍රියාත්මක කරන "අපනයන වෙළඳ අලෙවි සැලසුම පුහුණු කිරීම සඳහා අයදුම් කිරීම ට සුදුසුකම් (ITC විසින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලැබේ)

    *අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික වෙළඳ සල්පිල් / නිරාවරණ වැඩසටහන සඳහා නිරීක්ෂකයකු ලෙස අයදුම් කිරීමට සුදුසුකම්
     
    *විවිධ  රාජ්‍ය  ආයතන විසින් සපයන ණය යෝජනා ක‍්‍රම සඳහා අයදුම් කිරීමට සුදුසුකම්

    Champion Builder වැඩසටහන සඳහා අයදුම් කිරීමට යෝග්‍යතාව වැඩි විස්තර සඳහා www.edb.gov.lk/event/southern-it-week Visit තාක්ෂණ ශිල්පීන් සඳහා වැඩමුළුව සඳහා ලියාපදිංචි වන්න. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඔබට කිසියම් විමසීමක් කිරීමට ඇත්නම් අනුර 041-2231591 මගින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. නැතහොත් -දිනේෂ් 011 2 300 705 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ 011 4 062 226 - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හා සම්බන්ද වන්න

    ඉදිරි වර්ෂයේදී මඩකළපුව, බදුල්ල හා අනෙකුත් ප්‍රදේශ වල අනාගත වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya