ශ්‍රී ලංකාවේ පවතින ජනප්‍රිය විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් ජනමාධ්‍ය රැසක් මෙවර එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමඟ එක්ව සිටීම සුවිශේෂී වෙයි. සුවිශේෂී මාධ්‍ය අත්දැකීම් රැසක් අත්විදීමට හා දැකබලාගැනීමට ජනතාවට අවස්ථාව උදාවන අතර ජනමාධ්‍ය පිළිබඳව අධ්‍යනය කරන පාසල් දූ දරුවන්ට ද මෙවර මාධ්‍ය කලාපයේ අධ්‍යාපන අංග රැසකින් සමන්විත වෙයි.
මෙවර ප්‍රදර්ශනය සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ද එක්ව සිටින අතර දෙසතිය, ප්‍රකාශන කාර්යාංශය, රජයේ චිත්‍රපට අංශය, මාධ්‍ය හැදුනුම්පත් අංශය, සංවර්ධන හා ප්රචාරක අංශය මෙන් ම රජයේ නිලපුවත් වෙබ් අඩවිය එක්ව සිටියි.