ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ ඕනෑම මැතිවරණයකට සුදානම්-අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    අගෝස්තු 29, 2018

    ඉදිරියේදී සම්මත වන මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූදෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුයි බවත් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඕනෑම මතිවරණයකට සූදානම් බව  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ, වතුකම්කරුවන්ට පර්චස් 7ක ඉඩමක අයිතිය ලබාදීමේ ''හරිත භුමි '' වැඩසටහන් මාලාවේ තෙවන අදියර ලෙස මහනුවර පුපුරැස්ස ලෙවලන් වතු යායේ වතුකම්කරු පවුල් 450 කට ඉඩමක අයිතිය ලබාදීමේ වැඩසටහනට එක්වීමෙනි .

     තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    වසර 150 ක් වතු කම්කරුවන් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් ජීවිත කැප කළාට බොහෝ රජයන් ඔවුන්ගේ ජිවන ගැටළු අමතක කළා. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමින් පුරවැසිභාවය වගේම ඉඩම් අයිතියත් පිළිගත් ඉතිහාසයේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. බොහෝ පක්ෂ කළේ වතුවලට ඇවිත් ජන්දය අරන් යන්න ගිය එකයි.

    පළාත් සභා මැතිවරණය එනවා. එන මැතිවරණයකටම මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂය සුදානම් .අපි මැතිවරණ වලින් පැනල යන්නේ නෑ. අද වනවිට පවතින මැතිවරණ ක‍්‍රමය ගැන ආරවුලක් තියෙනවා පසුගියදා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ පවතින සීමා නීර්ණය කිරීමේ ක‍්‍රමයට විරුද්ධ වුණා.ඒ නිසා එකට විසදුමක් සොයන්න අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් කටයුතු කරනවා.පාර්ලිමේන්තුවේ මන්ත‍්‍ත්‍රිවරුන්ගේ මතයට සියලූ දෙනා ගරු කළ යුතුයි.සම්මත වන මැතිවරණ ක‍්‍රමය එය සියලූ දෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya