ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන කලාප

    අගෝස්තු 29, 2018

    V2025 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අගෝස්තු මස 29, 30, 31 යන දිනයන් හිදී මොණරාගල දී පැවැත්වේ.

    සංහිදියාව හා ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැගෙන තිරසර සංවර්ධනය දැයට ප්‍රදර්ශනය කිරීමත්, ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීම සඳහා නවක ව්‍යවසායකයින් දිරිගැන්වීමත් මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ අරමුණු වේ.  එම ප්‍රදර්ශනය පහත සඳහන් පරිදි කලාප 12 කින් සමන්විත වේ.

    කලාප අංක 1                : ශ්‍රී ලාංකේය ව්‍යවසාය ඉතිහාසය - යුගයෙන් යුගයට පැවත ආ අප රටේ ව්‍යවසාය ගුණය පිළිබඳ ඉතිහාස කතාව විදහා දැක්වේ. ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රයේ ඉතිහාසය වර්තමානය සහ අනාගතය අළලා සැකසූ චිත්‍රෙපටයක් තිරගත වේ.

    කලාප අංක 2                : ව්‍යවසායකයින්ගේ කලාපය - තාක්ෂණික/මූල්‍යමය/අලෙවිකරණ නිර්දේශ ලබාදීම සිදු කෙරේ. ප්‍රදේශයේ ව්‍යවසායකයින්‍ට අදාළ රාජ්‍ය ආයතන, බැංකු, මූල්‍ය සමාගම් සහ පෞද්ගලික අංශයේ සමාගම් හා සෘජුවම සම්බන්ධවීමට මෙහිදී අවකාශය සැලසේ.

    කලාප අංක 3               : අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන - අදාළ දිස්ත්‍රික්ක තුළ නිම කර ඇති, සිදුකරමින් පවතින සහ ඇරඹීමට අපේක්ෂිත සංවර්ධන වැඩසටහන්/ සේවාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ද විවිධ ජංගම සේවාවන් සැපයීම ද සිදු කෙරේ. පෞද්ගලික අංශයේ සමාගම්වලට ද තම සේවාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.

    කලාප අංක 4               : අධ්‍යාපනික කලාපය - පාසැල් සිසුන්, කාන්තාවන් සහ ව්‍යවසායකයින් සඳහා වැඩසටහන් සහ වැඩමුළු පැවැත්වේ. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උසස් අධ්‍යාපන ආයතන මගින් ලබාදෙන පාඨමාලා පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරේ.

    කලාප අංක 5               : නීලහරිත ආර්ථික ව්‍යායාමයන් - පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේදී පරිසර හිතකාමී ව්‍යාපෘතීන් ජනතාවට හඳුන්වාදීම.

    කලාප අංක 6               : නව නිපැයුම්කරුවන්ගේ අංගනය - වාණිජමය වටිනාකමක් ඇති නව නිර්මාණ සඳහා ප්‍රදර්ශන අවස්ථා සලසා දෙනු ලැබේ. එමෙන්ම නවීන විද්‍යාත්මක සොයාගැනීම් අත්දැකීමට ද අවස්ථාව ලබාදී තිබේ.

    කලාප අංක 7               : සංහිදියාවේ කතාකාවත

    කලාප අංක 8               : ක්‍රීඩා අංගනය - පාසැල් වොලිබෝල් තරඟ මෙන්ම සංහිදියාවේ වොලිබෝල් තරඟාවලියක් පැවැත්වේ.

    කලාප අංක 9               : වෙළඳ ප්‍රදර්ශනය - විවිධ පරිමාණයේ වෙළෙඳසැල් 200කින් සමන්විත අසමසම වෙළඳ අත්දැකීමක්.

    කලාප අංක 10             : ජනමාධ්‍ය අංගනය - විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන මෙන්ම වෙබ්  මාධ්‍යවේදීන් සඳහා ද අවකාශයක්.

    කලාප අංක 11             :  ජනාධිපති කාර්යසාධක බලකාය මඟින් මහජනතාව දැනුවත් කිරීම.

    කලාප අංක 12             :  නවීන විනෝදාත්මක ක්‍රියාකාරකම්, සංගීත සංදර්ශන පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya