ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය- රාජ්‍ය බැංකු ගමට යයි- ව්‍යවසායකයින් වෙත ණය ප්‍රදානය කරයි

    අගෝස්තු 30, 2018

    ග්‍රාමීය මට්ටමින් ව්‍යවසායකයින් නැංවීමේ අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමගාමීව ව්‍යවසායකයින් වෙත ව්‍යවසායක ණය ප්‍රදානය කිරීම අද (30) එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන පරිශ්‍රයේ දී සිදු විය.

    ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකරමින් දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම උදෙසා රාජ්‍ය බැංකු පුළුල් වැඩපිළිවෙලක් ඔස්සේ ගමට ගිය ප්‍රථම අවස්ථාව මෙය වන අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මෙම වැඩපිළිවෙලේ දැවැන්ත ජාතික ප්‍රදර්ශනයයි.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැනි දිනය නිලවශයෙන් අද (30) සවස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ සභනායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව යන රාජ්‍ය බැංකු මඟින් මෙම ව්‍යවසායක ණය නිකුත් කර  තිබේ. සංඛේතාත්මකව ලෙස අද(30) දිනයේ දී ව්‍යවසායකයින් සියයකට පමණ ණය ප්‍රදානය කළේ ය.

    කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ඇතුළු සුළු පරිමාණ ,මධ්‍ය පරිමණ හා මහාපරිමාණ ව්‍යවසායකයින් වෙත ණය ප්‍රදානය  කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,ව්‍යවසාය සංවර්ධන  අමාත්‍ය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු රාජ්‍ය බැංකුවල නිලධරීහු රැසක් මෙන්ම විශාල ජනතාවක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     loanff

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya