ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ලක්ෂ ගණනක් එති

    අගෝස්තු 30, 2018

    මොණරගල,පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීම සඳහා එහි දෙවැනි දිනය වන අගෝස්තු 30 දා සවස 6.00 වන විට එක්ලක්ෂ පනස් දහසක ජන පිරිසක් පැමිණ තිබේ.

    අපරභාගයේ දී ඇදහැලුණු වර්ෂාව ද නොතකා ජනතාව ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රදර්ශන භූමියට පැමිණෙන අයුරු දැකගතහැකි විය.

    මෙම ප්‍රදර්ශනය අගෝස්තු 29,30, සහ 31 දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබේ.හෙට (31) ප්‍රදර්ශනයේ අවසන් දිනයයි. ප්‍රදර්ශන කුටි 515කින් ද අධ්‍යාපනික වැඩසටහන්, විනෝද ක්‍රීඩා,ක්‍රීඩා තරඟ, එළිමහන් සංගීත
    සංදර්ශන,ඇතුළු විශේෂාංග රාශියකින් සමන්විත මේ ප්‍රදර්ශනයට අතුළුවීම සඳහා අය කරන්නේ රුපියල්  25කි.පාසල් සිසු සිසුවියන්ට සහ පොලිස් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ඇතුළු වීම නොමිලේ ය.

    ප්‍රදර්ශනය ආරම්භ කළ අගෝස්තු 29 දා රාත්‍රී 11.00 වනවිට එක්ලක්ෂ විසිපන්දහසක ප්‍රේක්ෂක පිරිසක් ප්‍රදර්ශනය නරඹා තිබුණි.

    හෙට(31) ප්‍රදර්ශනයේ අවසාන දිනයයි.ප්‍රදර්ශනය හෙට පෙ.ව.10.00 සිට ජනතාවට විවෘතව පවතී. ප්‍රදර්ශනය  පවත්වන දින ගණන දීර්ඝ කිරීමක් සිදු නොවන බව ප්‍රදර්ශන සංවිධයකයින් ප්‍රකාශ කරයි.

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya