ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ගමේ තරුණ ව්‍යවසායකයින් දහස් ගණනක් ගම තුළින් බිහි කර ජාතික ආර්ථිකය දියුණු කිරීම අරමුණයි

    අගෝස්තු 31, 2018

    ගමේ තරුණ ව්‍යවසායකයින් දහස් ගණනක් ගම තුළින් බිහි කර,ඔවුන් ජාතික ආර්ථිකයට බද්ධ කර ජාතික ආර්ථිකය දියුණු කිරීම අරමුණ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවැනි දිනය නිලවශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (30) මේ අඳහස් ප්‍රකාශ කළේ ය.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පැතිකඩ රාශියක් තිබෙනවා.පලමු කරුණ වන්නේ,අපේ රජය ගෙන යන දැවැන්ත සංවර්ධනය පිළිබඳව ගමටම පැමිණ ජනතාවට කියා දෙනවා.ගමේ තරුණ සහ ආධාර ලැබිය යුතු ව්‍යවසායකයින් දහස් ගණනක් ගම තුළින් බිහි කරලා,ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා,ඔවුන් ජාතික ආර්ථිකයට බද්ධ කරගෙන ජාතික ආර්ථික දියුණු කිරීම දෙවැනි කරුණයි.

    මේ කරුණු දෙකම ඉතාම වැදගත්.රජය ගෙන යන වැඩසටහන් බොහෝ අවස්ථාවල මාධ්‍ය තුළින් පෙන්වන්නේ නෑ.අපට අවශ්‍ය වෙනවා,ජනතාවට කියා දෙන්න රජය මොනවද කරන්නේ කියලා. අද ප්‍රදර්ශනය දෙස බැලුවාම විශාල ව්‍යවසායකයින් ප්‍රමාණයක් ණය පහසුකම් ලබාගෙන තිබෙනවා. ව්‍යවසායකයින්ට විශාල වගකීමක් තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි. සමාජ අසාධරණයක් වූ ඌව වෙල්ලස්ස ජනතාව වෙනුවෙන් මෙවනි ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙ න් රජයට ස්තූතිවන්ත වෙනවා යයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya