එම්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය තුළ අධ්‍යාපනික වශයෙන් බොහෝ ප්‍රයෝජනවත් ප්‍රදර්ශන කුටි ක්‍රියාත්මක වෙයි.අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රධාන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් අධ්‍යාපන ප්‍රදර්ශන කුටි සංවිධානය කර තිබේ.
ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වන අද (31) ප්‍රදර්ශන භූමිය මහ ජනතාවගෙන් දහවල් 12.00 වනවිට පිරී ඉතිරි ගොස් තිබේ.
විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණික,පරිගනක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය, සෞන්දර්ය,සමාජ විද්‍යා,ආර්ථික ව්‍යාපාර ආදී ක්ෂේත්‍ර රැසක ප්‍රදර්ශන කුටි පැවැත්වෙන අතර ප්‍රදර්ශනයට පැමිණ සිටින පාසල් දරු දැරියන් මහත් උනන්දුවෙන් දැනුම ලබගන්නා අයුරු දැකගත හැකි විය.