ස්මාර්ට් පන්ති කාමරය එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියගේ ආකර්ෂණයට ලක්ව තිබේ.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැත්වෙන ප්‍රදර්ශන කුටියේ මෙම සුහුරු පන්ති කාමරය පැවැත්වෙයි. පාසල් දූ දරුවන්ට නූතන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් තාක්ෂණය ජයගැනීම සඳහා වූ අත්දෑකීමක් දැනුවත් වීමක් මෙහිදී ලබාගත හැකිය.
පාසල් දරුවන්ට සුහුරු තාක්ෂණය සමඟින් නව අධ්‍යාපනික මායිම් ජයගැනීම සඳහා වන සියලු තාක්ෂණික උපාංග ලබාදීමට රජය මේ වනවිටත් පියවර ගෙන තිබේ. දරුවන්ට ටැප් පරිඝණක යන්ත්‍ර ලබාදීම, පාසල් සඳහා තාක්ෂණ විද්‍යාගාර ලබාදීමට රජය මේ වනවිටත් කටයුතු ආරම්භ කර තිබේ.හෙට දවසේ නූතන තාක්ෂණික ලෝකයට ගැළපෙන දරු පිරිසක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.