ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' හොඳ උත්සහායක්- සුබ පතනවා- අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    අගෝස්තු 31, 2018

    රජයකට වැඩ කරනවා වාගේම ධානාත්මක දේවල්,වැදගත් පණිවුඩ ජනතාව වෙත යවන්න සිදු වන බවත් ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ඒ සඳහා හොඳ උත්සහායක් ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් රජයට සුබ පතන බවත් විදුලි බල හ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අද (31) මොණරාගල පැවැත්වෙන  එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සහභාගී වෙමින් මේ බව පැවසුවේ ය.

    සන්හිදියාව සඳහා වූ වොලිබෝල් තරඟාවලිය ආරම්භ කිරීමට සහ පාසල් ක්‍රීඩකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට ද අමාත්‍යවරයා එක් විය.

    ප්‍රදර්ශන කුටි නිරීක්ෂණයට එක් වූ අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අඳහස් දැක් වීය.

    ''රජයක් විසින් ජනතාව වෙනුවෙන් බොහොම අමාරුවෙන් ගන්නා පියවර කොහොමද ජනතාවට සන්නිවේදනය  කරන්නේ කියලා ගැටලුවක් තිබෙනවා.අයහපත් ප්‍රවෘත්ති තරම් වේගයෙන් මෙවැනි ප්‍රවෘත්ති යන්නේ නෑ.
    රජයකට වගකීමක් තිබෙනවා ධනාත්මක දේ ජනතාව අතරට යවන්න.රජයකට වැඩ කරනවා වාගේම  ධානාත්මක දේවල්, වැදගත් පණිවුඩ ජනතාවට යවන්න සිදු වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ සඳහා හොඳ  උත්සහායක් අරන් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම රජයට අමාත්‍යවරයෙක් ලෙස සුබ පතනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya