ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය තෙවැනි දිනට ඇරඹේ

    අගෝස්තු 31, 2018

    ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සහ සංහිඳියාව තේමා කරගත් ''එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා''ජාතික ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වන අද (31) දින සවස 5.30 පමණ නිල වශයෙන් ප්‍රදර්ශනය විවෘත කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන,රාජ්‍ය පරිපාලන නීතිය සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් සිදු විය.

    එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොණරාගලදී අගෝස්තු 29 දින ආරම්භ විය. ප්‍රදර්ශනය දින තුනක් පුරා පැවැත්වෙයි.

    අමාත්‍යවරුන් ප්‍රදර්ශන භූමියේ ප්‍රදර්ශන නිරීක්ෂණය කළ අතර මාධ්‍ය කලාපය වෙත පමිණි අමාත්‍යවරුන් එක් එක් මාධ්‍ය අයතන වෙත සිය අඳහස් ප්‍රකාශ කළේ ය. ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස මහතා,අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය වෙත පමිණියේ ය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින් අමාත්‍යවරුන් පිළිගනු ලැබීය.

    ප්‍රදර්ශනය නිලවශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න,ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය අදිලිප් වෙද ආරච්චි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya