වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත. යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රජය විසින් රු.මි. 4998 ක මුදලක් වෙන්කර තිබේ .
මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවිමහතෙකුගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය කි.ග්‍රෑ. 2000කි. නමුත් එම ප්‍රමාණය තවත් කි.ග්‍රෑ. 1000කින් ඉහළ නංවා, වී කි.ග්‍රෑ. 3000ක් වශයෙන් මිලදී ගැනීමට රජය විසින් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා (31) දින ප්‍රකාශ කළේ ය.
අද දින පෙරවරුවේ අම්බලන්තොට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශයට පත් කළේ ය. වී අලෙවි මණ්ඩලය විසින්, මේ වනවිට සම්බා කි.ග්‍රෑ. 01ක්, රු.41 කට සහ නාඩු කි.ග්‍රෑ. 01 ක් රු. 38කට වශයෙන් සහතික මිලක් යටතේ මිලදී ගැනීම සිදු කරයි.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා ද සහභාගී විය.