ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හා කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සතොස ආයතනය සමඟ (31) දින ආර්තාපල් මිල පිළිබඳව සාකච්ඡා කළේ ය.
ඒ අනුව අර්තාපල් අස්වැන්න ගොවීන්ට වාසිදායක අන්දමින් මිල දී ගැනීම සඳහා ගොවීන් සමඟ සාකච්ඡා කර මිල තීරණය කිරීමට කටයුතු කරන අතර, දේශීය අර්තාපල් ගොවීන්ගෙන් මිල දී ගන්නා තොග මිල පහළ ගියහොත්, සතොස මැදිහත් වී ගොවීන්ගේ අස්වනු මිල දී ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.
ආනයනික අල කිලෝවක් රු.30 කට ආනයනය කරන අතර, ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රු.40ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් රජය විසින් මීට මාස දෙකකට පෙර පනවනු ලැබී ය. එම නිසා අර්තාපල් ආනයනය කිරීම ඉතාමත් අකර්මන්‍යව තිබේ.
දේශීය අර්තාපල් තොග මිල ස්ථාවරව පවත්වා ගනිමින්, වගාකරුවන්ට ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගන්නා බවත්, දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් ඇමතිවරයා පවසයි.