හෙට (03) සිට ලබන (07) දින දක්වා මෙම සමුළුව පැවැත්වෙයි. මෙවර සමුළුවේ සභාපතිධූරය බාරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර ඇත.
දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු සමුළුවට සහභාගි වෙති. මෙවර සමුළුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කලාපීය අධ්‍යක්ෂ ධූරය සදහා සුදුස්සෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම ද පැවැත්වෙයි.
මේ වනවිට කළාපීය අධ්‍යක්ෂ ධූරය හොඹවනු ලබන්නේ වෛද්‍ය පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මියයි. මෙවර සමුළුවේ දී මැලේරියාව, ක්ෂය රෝගය තුරන් කිරිම සහ ඖෂධ භාවිතය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි