කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගිය දා( 01) ඇඹිලිපිටිය, කෝන්කටුව උඩවෙල මහවැවේ ප්‍රතිසංවර්ධන කටයුතු අරඹමිනි.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,
අද මිල වැඩියි කියලා කියන හැම එකකම මිල 2014 ට වඩා අඩුයි . පෙට්‍රල්, ඩීසල් මිල අවස්ථා කිහිපයක දී වැඩි වුණත් 2014 ට වඩා තවමත් අඩුයි. ගෑස් මිලත් එහෙමයි. පරිප්පු, පොල්, ලූනු වගේ ආහාර ද්‍රව්‍ය සියල්ලම ගත්තත් 2014 ට වඩා මිල අඩුයි. දැන් ඔය ඉහළ ගියා කියන පුංචි කාර් ගත්තත් තවමත් 2014 ට වඩා අඩුයි. එතකොට වැඩිවෙලා තියෙන්නේ මොනවා ද?
දත් බෙහෙත්, සබන්, සුවඳ විළවුන් වගේ දේවල්වල නම් මිල වැඩිවෙලා තියෙනවා. ඉතිං මේ අය උදේ ඉඳන් රෑ වෙනකම් කෑ ගහන්නේ රට ඉවරයි. ආර්ථිකය වැටිලා. රුපියල බාල්දු වෙලා කියලා. දැන් ඉන්දීය රුපියලත් බාල්දු වෙලා. මුදලේ අගය අවප්‍රමාණය වීම අපේ රටට පොදුවෙච්චි දෙයක් නොවෙයි. ලෝකයේ හැම රටක්ම අද ඒ අර්බුදයට මුහුණ දීලා තියෙනවා.
උදේට සමහර නාලිකාවල පුවත්පත් සිරස්තල ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ලුණු ඇඹුල් ඇතිව අතිනුත් දාල රස කර කර මේවා කියවනවා. එතකොට හිතෙන්නේ මුළු රටම විසාලා මහනුවරක් වගේ කියලා. ආණ්ඩුව කිසිම දෙයක් කරන්නෑ වගේ තමයි පෙනෙන්නේ. ඒත් අපි දන්නවා කන්න පහක් අපේ රටේ කුඹුරු වගා කළේ නෑ. හැබැයි එක මිනිහෙක්වත් අපි බඩගින්නේ තිබ්බේ නැහැ. ගොවීන්ට සහනාධාර ලබා දීමට රජය ඉතිහාසයේ වැඩිම මුදල වශයෙන් රු. මි. 38,000ක් පසුගිය වසර දෙක තුළ වැය කරලා තියෙනවා.
ගොවියෙක්ගේ පුතෙක් වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ රටේ ජනාධිපතිවරයා වෙච්ච නිසා තමයි අපිට ඒ දේවල් කරන්න පුළුවන් වුණේ. මේ ආණ්ඩුව උද්ඝෝෂණය කරනවා කියලා මිනිස්සු මරන්නේ නැහැ. ඒ අයට හිංසා පීඩා කරන්නේ නැහැ. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන්නටම තියෙනවා. හැබැයි නිකම් දෙනකොට කිසි දෙයක අගයක් නෑ වගේ අපි ඕනැවට වඩා නිදහස දුන්නාමත් හිතෙනවා ඇති, මේක කිසි වැඩක් නැහැ කියලා.
සමහරු කියනවා දැන් අරක හරි මිලයි. මේක හරි මිලයි. ජීවත් වෙන්ඩ බෑ. මිනිස්සු බඩගින්නේ මැරෙනවා කියලා.. ඒකනිසා මම දවසක් ඔය කෑ ගහන කෙනෙක්ගෙන් ඇහුවා මොනවාද වැඩිවෙලා තියෙන්නේ කියලා. පුළුවන් නම් එකක නමක් කියන්න කියලා. එතකොට එයා වටපිට බලනවා මොනවාද වැඩිවෙලා තියෙන්නේ කියලා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ “වැව් දහසක් - ගම් දහසක්” වැඩ සටහන යටතේ මෙම වැව ප්‍රතිසංවර්ධන කිරීම සඳහා රු. මි. 04ක මුදලක් වැය කෙරේ.
මෙහිදී කොමර්ෂල් පොහොර සමාගමේ හා හදබිම අධිකාරියේ අනුග්‍රහයෙන් කාබනික පොහොර සහ පැළ කට්ටල ද අමාත්‍යවරයා අතින් පිරිනැමිනි.