ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    සෑම වෘත්තිය සමිතියකටම අවශ්‍ය වන්නේ නායකත්වය ලබාගන්න-- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  

    සැප්තැම්බර් 03, 2018

    දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ බවත්, මෙම තනතුර හෙබවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (03) දින පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී පැවසීය.

    අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ, 29 වන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වු ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ බාරගැනීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි. තවදුරටත් අදහස් පළකල අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා: තමා අමාත්‍යයවරයා ලෙස පත්වු පසුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරු කිහිප දෙනෙකු සමඟ කටයුතු කලා. ඔවුන්ගේ වැඩකටයුතු අධීක්ෂණය
    කිරීමේ අවස්ථාවත් ලැබුනා. මේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වෘත්තිය සමිති දැනට එකසිය විසි ගණනක් පමණ තිබෙනවා. එය තව ටික කලකින් 240 ක් වන්නත් පුළුවන්. ඒ නිසා සෑම වෘත්තිය සමිතියකටම අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ ඒ අයගේ අධිකාරියක් පවත්වා ගැනීම හා නායකත්වයක් ලබාගැනීමයි.

    ඒ නිසා මෙම තත්ත්වයන් තුළ දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරගන්නේ කෙසේද, ගුණාත්මකභාවයක් ඇතිකරන්නේ කෙසේද යන්න පිලිබඳව ගැටළු ඇතිවී තිබෙනවා. එමෙන්ම දුම්රිය සේවාව ජනතා හිතවාදී සේවාවක් බවට පත්කරන්නේ කොහොමද යන්න පිළිබඳව අපට සිතා බලන්න වෙනවා. ඒ නිසා අභිනවයෙන් පත්වු දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාට විශාල වගකීමක් අද පැවරී තිබෙනවා. අමාත්‍යවරයා ලෙස මා ලද අත්දැකීම් අනුව නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සියලු වෘත්තිය සමිති සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි. කිසිම වෘත්තිය සමිතියකට අනෙක් වෘත්තිය සමිතියට වඩා වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතුය. සැමට එකසේ ඔවුන්ගේ ප්‍රශ්න විසදාගැනීමට කටයුතු කළයුතුය.

    අද මේ වෘත්තිය සමිති විසින් ඉල්ලන සමහර ඉල්ලීම් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාටත්, අමාත්‍යවරයා වශයෙන් මටවත් ලබාදිය නොහැකියි. ඒ ඉල්ලීම් ලබාදෙන්නට මුදල් අමාත්‍යාංශය, කළමණාකරන සේවා චෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය යන ආයතනවල අනුමැතිය ලබාගත යුතුයි. එම තත්ත්වයන් පිළිබඳව වෘත්තිය සමිති අවබෝධ කරගත යුතුයි. මම සැම විටම ඉන්නේ වෘත්තිය සමිති පැත්තේ මේ වන විට සමහරක් ඉල්ලීම් ලබාදීමට
    අවශ්‍ය පියවර ගෙන තියෙනවා. නමුත් එම ක්‍රියාමාර්ග ගැනීමට යම්කාලයක් ගතවෙනවා. අද දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිම පරිපාලන සේවයේ නිළධාරියෙක් සේවයට පැමිණිමට කැමති නැහැ. එයට හේතුව තමයි මෙම දෙපාර්තමේන්තුව තුළ තිබෙන ගැටළු සහගත තත්ත්වය.

    එබැවින් මෙම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ නැතිවු අභිමානය ගොඩනගාගත්තොත් අපිට මෙම වැරදි නිවැරදි කරගන්න පුලුවන්. අද තියෙන තත්ත්වය නම් අමාත්‍යවරයා ලෙස හෝ ලේකම් වරයා ලෙස දෙනු ලබන තීන්දු පල්ලෙහා මට්ටමින් ක්‍රියාත්මක නොවීමයි. මේ තුළින් මනා දුම්රිය සේවාවක් පවත්වා ගත හැකිද යන්න ගැටළුවක් වී තිබෙනවා. අද දුම්රිය මාර්ගය දෙපස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි, රේල් පීලි වැනි අබලි ද්‍රව්‍ය විශාල වශයෙන් තිබෙනවා. මේවා නිසි කලට ටෙන්ඩර් ක්‍රමය යොදා ගනිමින් අලෙවිකල හොත් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් ලබාගත හැකිව තිබෙනවා. නමුත් මෙම ක්‍රියාමාර්ග නිසි අයුරින් නොගැනීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම් නැතිවී ගොස් තිබෙනවා. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වලින් බදු අයකර ගැනීම පිලිබඳව විශාල ප්‍රශ්නයක් මේ වන විට පැනනැගී තියෙනවා. මම මේ පෙන්වා දුන්නේ උදාහරණ කහිපයක් පමනයි. ඒ නිසා මෙම තත්ත්වය නැති කොට දුම්රිය සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීමට නව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතාට උපරිම සහය ලබාදෙන ලෙසට මම වෘත්තිය සමිති නායකයින් ඇතුලු සියලුම දුම්රිය සේවකයින්ගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

    මෙහිදී නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ, වසර 35 ක් පමන දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තිබෙන අත්දැකීම් අනුව හදුනාගත් ප්‍රදාන ප්‍රශ්න කිහිපයක් පිළිබඳව තමා කඩිනමින් පිළිතුරු ලබාදෙන බවයි. ඒ අනුව සේවාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් ප්‍රමාණය වැඩි කරගැනීම, විදුලි සංඥා පද්ධති වැඩි දියුණු කිරීම, දුම්රිය ස්ථාන වල තිබෙන යටිතල පහසුකම් දියුණු කිරීම සහ දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීම වැනි කටයුතු කඩිනමින් ඉටු කිරීමට සැළසුම් කරන බවයි.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම යන මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා සේවකයින් විහාල පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya