ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ''අනාගත විදුලිබල අර්බුදයට අප සූදානම් ද?'' මහජන මන්ත්‍රණ සභාව අද

    සැප්තැම්බර් 04, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව , සිවිල් සමාජ සංවිධාන එකමුතුව හා එක්ව සංවිධානය කරනු ලබන ''මහජන මන්ත්‍රණ සභාව'' සිව්වන දිගහැරුම අද(04) කොළඹ,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මෙවර සාකච්ඡාවට ගැනෙන මාතෘකාව වන්නේ ''අනාගත විදුලි බල අර්බුදයට අප සුදානම් ද?'' යන්නයි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් .පී. පෙරේරා මහතා ප්‍රධාන දේශනය පවත්වන අතර සිවිල් සමාජ නියෝජිතයන් ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.

    මේ පිළිබඳ උනන්දුවක් දක්වන හෝ අදහස් දැක්වීමට කැමති නම් වැඩිදුර තොරතුරු 077- 9109068 දුරකථන අංකය ඔස්සේ ලබා ගනත හැක.

    මෙම වැඩසටහන අද(04) සවස 04.00ට , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී ආරම්භ වීමට නියමිත අතර සෑම මසකම පළමු සහ තුන්වන අඟහරුවාද දින මෙම මන්ත්‍රණ සභාව රැස්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya