ගෝලීය චර්යාධර්ම සහ සාම සංස්කෘතිය ස්ථාපිත කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද මෙම ඉහළපෙලේ සමුළුවේදී "ගෝලීය සාමය ස්ථාපිත කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමෙහිලා පාර්ලිමෙන්තුවන්හි කාර්යභාරය යන මාතෘකාව යටතේ අමාත්‍ය රාජපක්ෂ මහතා මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ රටවල සහභාගිත්වය ඇතිව සැප්තැම්බර් 04 අද දින එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ගෝලීය සාම සංස්කෘතිය ස්ථාපිත කිරීමෙහිලා වූ එක්සත් ජාතීන්ගේ ඉහල පෙලේ සමුළුව සැප්තැම්බර් මස 05 හෙට දින එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්වීමට නියම අතර රාජපක්ෂ අමාත්‍යවරයා එහිදී ශ්‍රීලංකාව නියෝජනය කරනු ඇත.
"සාම සංස්කෘතිය සාමය පවත්වාගෙන යාම සඳහා විශ්වාසනීය ගමන්මග" තේමාව ඔස්සේ පැවැත්වෙන මේ ඉහළපෙලේ සමුළුවට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුටෙර්ස් සහ එක්සත් ජාතීන්ගේ 72 වන මහා සමුළුවේ සභාපති මිරිස්ලෙව් ලැජ්කක් ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහභාගී වනු ඇත.