ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    නව ඔසුසල් 19 ක් ඉදිරියේ දී දිවයින පුරා විවෘත කරනවා

    සැප්තැම්බර් 04, 2018

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය පුළුල් කරමින් තවත් ඔසුසල් 19 ක් ඉදිරියේ දී දිවයින පුරා විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පේරාදෙනිය විශ්ව විද්‍යාල රාජ්‍ය ඔසුසල විවෘත කිරිමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - පේරාදෙනිය විශ්ව විද්‍යාල රාජ්‍ය ඔසුසල ආරම්භ කළේ වෙළෙද පරමාර්ථයෙන්ම නොවෙයි. විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබදව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පරීක්ෂණ කිරීමට මෙම ඔසුසලින් අවස්ථාව හිමිවෙනවා. ඒ සදහා විශ්ව විද්‍යාලය සමග එකගතාවයකට පත්ව සිටිනවා. මේ වන විට දිවයින පුරා ඔසුසල ශාඛා 39 ක් විවෘත කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2017 වසරේ දී ආදායම රුපියල් බිලියන 32 ක්. එහි ලාභය රුපියල් මිලියන 1900 ක් වනවා. රාජ්‍ය සංස්ථාවක් ලෙස දේශීය වෙළෙදපොලේ ප්‍රධානතම ඖෂධ සමාගම ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරනවා.
     
    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ විට ඖෂධ සමාගම් දේශීය වෙළෙපොලේ ඖෂධ හිගයක් ඇති කිරීමට උත්සාහ කළා. සමාගම් බලපෑම් කළා. මම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දුන්නා නිෂ්පාදක සමාගම්වලට ලිඛිතව දැනුම්දෙන්න කියලා  අපට විශාල ශාඛා ජාලයක් තිබෙනවා. ලංකාව තුල සියලු ඖෂධ අලෙවිය අපි කරන්නම් කියලා. එහෙම දැනුම් දුන් පසු ඖෂධ සමාගම් බිය වෙලා ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට සහයෝගය දැක්වූවා. වර්තමානයේ දේශීය වෙළෙදපොලේ ඖෂධ කළමණාකරණය සිදු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ නිලධාරින් ද, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya