පොදු විපක්ෂයේ විරෝධය නවතාදැමීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවට සිදු කරන ප්‍රචාරවලට පිළිතුරු ලබාදෙමින් නාගරික කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ ය.
පොදු විපක්ෂය විසින් හෙට දින (05) කොළඹදී පැවැත්වීමට යන විරොධතාවය සඳහා අවශ්‍ය පිටිය ලබාදී තිබෙනවා. ලබාදීමට නොහැකි පිට්ටනි අපට ලබාදීමට නොහැකියි.විහාර මහ දේවී එළිමහන් රංගපීඨය,අතුළත්මුදලි ක්‍රීඩාංගනය,ඇතුළු ක්‍රීඩා පිටි කීපයක් ම නාගරික මන්ත්‍රීවරු විසින් ඉල්ලා සිටියා. විරෝධය කිසිම ආකාරයකින් තහනම් කිරීමක් කර නෑ. කිසියම් අධිකරණ ක්‍රියාමාර්ගයකට හෝ විරෝධය නැවැත්වීමට කිසිදු ක්‍රියාමර්ගයක් අරගෙන නෑ,අරගන්නෙත් නැහැ යැයි නාගරික කොමසරිස්වරයා පැවසී ය.