ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    පොදු විපක්ෂයේ පෙළපාලිය තිබෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමටයි-ආණ්ඩුව දාල යන්නේ ජනතාව ඡන්ද බලයෙන් යන්න කිව්වොත් විතරයි

    සැප්තැම්බර් 04, 2018

    පෙළපාලි යෑමට තිබෙන අයිතිය වෙනුවෙන් තමන් ද හිමියෙන් පෙනී සිටින බවත් පොදු විපක්ෂයේ පෙළපාලිය තිබෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමට බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව එක් අහිංසක මිනිසෙකු හෝ මරාගැනීමට බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අද(04) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ''මහින්ද රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට පෙළපාලි යෑමට තිබෙන අයිතිය වෙනුවෙන් මමත් දිවි හිමියෙන් පෙනී සිටිනවා.එහෙත් විරෝධතාවයක් දක්වනවා නම් යම් පිළිගත් සම්ප්‍රදායන් තිබෙනවා. මේ වෙනකම් කොහෙන්ද
    එන්නේ, කොහාටද යන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. එන මිනිස්සුවත් දන්නේ නෑ. මෙය නඩුවලින් බේරෙන්න තම පාක්ෂිකයන් බිල්ලට දෙන බිලි පූජාවක්.පෙළපාලි යෑමේ අයිතිය අපි පිළිගන්නවා. කාටවත් අත තියන්නේ නෑ. කිසිම ක්‍රීඩාංගනයක් කැන්සල් කරලා නෑ. පොදු විපක්ෂයේ මේ පෙළපාලිය තිබෙන්නේ අධිකරණයට බලපෑම් කරන්නයි. මේ මොන ජනතා නගිටීමක් ද?තම පියාගේ ප්‍රතිරූපය භාවිතා කරලා, පුතා එනවා. එයාලගේ බලාපොරොත්තුව එක අහිංසක මිනිහෙක් හෝ මරාගන්නයි.අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ආණ්ඩුව දාල යන්නේ ජනතාව ඡන්ද බලයෙන් යන්න කිව්වොත් විතරයි. එදාට ඒ වෙලාවෙම යනවා ''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya