ඒ අනුව ශ්‍රී ලංගම සේවකයින්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පැවති ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා 2006 අංක 30 දරණ කළමණාකරන චක්‍රෙල්කය සහ 2016 අංක 02 දරණ චක්‍රලේක එකවර ක්‍රියාත්මක කරමින් සියළුම ශ්‍රී ලංගම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට එකඟතාවය පල කරන ලදි.
එම වැටුප් වැඩිවීම 2018 ඔක්තෝබර් මස 01 දින සිටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද ශ්‍රී ලංගම බලධාරීන්ට අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදි.
මෙම වැටුප් වැඩිවීම පිළිබදව සියළුම වෘත්තීය සමිති සමාජිකයින් දැනුවත් කරන ලෙස වෘත්තීය සමිති නායකයින්ගෙන් තමා ඉල්ලා සිටින බවද ඒ අනුව වර්ජකයින් විසින් මෙතෙක් දිනක් දියත් කරන ලද වැඩ වර්ජනය නිමා කර අද දින සිටම නැවත සේවය ආරම්භ කරන ලෙසද තමා සියළුම ශ්‍රී ලංගම සේවකයින්ගෙන් ඉල්ලිසිටින බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා, ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ ලංගම ප්‍රධාන නිලධාරීන්ද සහභාගී විය.