ගොවි ජනතාව සමග සාකච්ඡා කර ගොවි ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි පළමු වැඩසටහන රාජාංගනයේදී සාර්ථකව කි‍්‍රයාත්මක වූ අතර, එමගින් ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටළු රැසකට විසඳුම් ලබා දීමට හැකියාව ලැබිණ.
ඉගිනිමිටියේදී කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත දෙවන වැඩසටහන සැප්තැම්බර් 08 දා ආරම්භ කිරීමට නිියමිත අතර, එය අවසන් වන්නේ 30 දායී. ගොවින් මුහුණ දෙන ගැටළු විසඳීමට අමතරව නව තාක්ෂණය භාවිතය, තාක්ෂණික පුහුණුව, නව වගා ක්‍රම, පසු අස්වනු තාක්ෂණය, අතිරේක බෝග වගාව, ඇතුළු කාරණා රැුසක් පිළිබඳ මෙහිදී ගොවීන් දැනුම්වත් කිරීමට නියමිතයි.
එමෙන්ම ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් දිනපතා සංස්කෘතික අංගයන් සංවිධාන කෙරෙන අතර ගොවි දූ දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද මීට ඇතුළත්ය. මීට සමගාමීව පරිසර මිතුරු ළමා සමාජ පිහිටුවීමටද යෝජනා වී තිබේ. තවත් කාරණයක් වන්නේ අතරමැදියන්ගෙන් තොරව සෘජුව තම අස්වනු අළෙවි කිරීමට හැකි පරිදි ගැණුම්කරුවන් හදුන්වා දීමයි. එමෙන්ම වී ඇතුළු අනෙකුත් කෘෂි අස්වනු මගින් ආහාර නිෂ්පාදනය පිළිබඳද ගොවීන්ට දැනුම ලබා දීමටත් එම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට යෝජනා වී තිබේ. ගොවි ජනතාව තාක්ෂණික මෙවලම් භාවිතය සම්බන්ධයෙන් දැනුම්වත් කරමින්, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහන මිලක් යටතේ ලබා දීමේ වැඩපිළිවෙලක්ද මීට සමගාමීව කි‍්‍රයාත්මකයි.
''දියවර නෑයෝ'' වැඩසටහනේදී ගොවි ජනතාවගෙන් ඉදිරිපත්වන යෝජනා අනුව කෘෂි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග මොනවාද වාරි මාර්ග සංවර්ධනය කිරීමේ පුරාණ ක්‍රමවේදයන් හා තාක්ෂණය මෙන්ම ආපදා කළමනාකරණයට වැදගත්වන යෝජනා සියල්ල ඇතුලත් කරමින් විශේෂ වාර්තාවක් සම්පාදනය කිරීමටද පියවර ගන්නා බවයි වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ය.ගොවි ජනතාවගේ අදහස්, යෝජනා හා දැනුම වාරි ඉංජිනේරුවන් වෙත ලබා දීමෙන් ඵලදායී වැඩපිළිවෙලක් සම්පාදනය කිරීම එහි අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.
ඉංජිනේරුවන් විසින් සැලසුම් සකස් කිරීමේදී ගොවි ජනතාවගේ අදහස් ලබා ගැනීම ඉතා වැදගත් බවත්, එවැනි ක්‍රමවේදයක් නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීමෙන් වාරි කර්මාන්තයේ ගැටළු රැසක් ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් ගොවි ජනතාව සමග එක්ව වාරි කර්මාන්තය දියුණු කරමින්, කෘෂි කර්මාන්තයේ දියුණුව හා නියගයේ පීඩාවන් අවම කර ගැනීම යන කාරණාවලට ආරම්භයක් ලබා දෙන අවස්ථාවක් ලෙස දියවර නෑයෝ වැඩසටන හදුන්වා දිය හැකි යැයිද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. ඔහු මේ බව සඳහන් කළේ ඉගිනිමිටිය ගොවි ජනතාව සමග පසුගියදා පැවැති සාකච්ඡුාවකදීයී.
පුරා දින 23 ක් පුරා කි‍්‍රයාත්මක දියවර නෑයෝ වැඩසටහන නිමා වන්නේ 30 දා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයෙන් අනතුරුවයි. ගොවි ජනතාවගේ හා දූ දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමේ විශේෂ සංස්කෘතික ප්රසංගයක්ද මීට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ගොවි සංවිධාන 22 ක නියෝජිතයින් සමග පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ද වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පුත්තලම දිස්ති‍්‍රක් ලේකම්වරයා ඇතුළු අදාල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. කඩිනමින් සිදු කළ යුතු ව්‍යාපෘති මොනවාද යන්න තීරණය කිරීමත් ගොවි ජනතාවගේ අදහස් අනුව එම වැඩපිළිවෙල සකස් කිරීමත් මෙම සාකච්ඡාවේදී සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයින් පෙන්වා දුන්නේ තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම බරපතල ගැටළුවක් වී ඇති බවයි. එබැවින් ඒ සඳහා නිසි සැලසුමක් යටතේ ජලය ලබා දීමට පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. එමෙන්ම ඔවුන් පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ පසුගිය රංයන් සමයේ ඇති කළ වාරි ව්‍යාපෘති මගින් නිසි ප්රතිලාභ අත්නොවන බවයි. ගොවි ජනතාවගේ අදහස් විමසීමකින් තොරව ඒවා කි‍්‍රයාත්මක වී ඇති බවත්, වාරි ව්‍යාපෘති තාක්ෂණික දැනුම මත පමණක් සැලසුම් කිරීමෙන් නිසි ප්රතිලාභ අත්කර ගත නොහැකි බවත් ඔවුන් පෙන්වා දුන්හ. එබැවින් ගොවි ජනතාවගේ ගැටළු ගොවි ජනතාව සගම සාකච්ඡා කර විසදීම සුදුසුම ක්‍රමවේදය බවත් ඒ වෙනුවෙන් දියවර නෑයෝ වැනි වැඩසටහනක් ප්‍රමාද වී හෝ සැලසුම් කිරීම ඉතා වැදගත් බවත් ගොවි ජනතාව පෙන්වා දුන්හ.
එමෙන්ම දියවර නෑයෝ වැඩසටහනට සමගාමිව සිදුවිය යුතු කඩිනම් ව්‍යාපෘති හා ඒවා කි‍්‍රයාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන්ද ගොවි ජනතාව සමග සාකච්ඡා කළ අතර, එම යෝජනා අනුව ව්‍යාපෘති සැලසුම් කිරීමටද තීරණය විය.