ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    මහ කන්නයට පොහොර සහනාධාරය ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 35 ක මුදලක් -කෘෂිකර්ම අමාත්‍ය  

    සැප්තැම්බර් 08, 2018

    2018-19 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 35 ක මුදලක් රජය මගින් වෙන් කොට ඇති බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    වී වගාවේ නියැලෙන ගොවියන්ට අමතරව තේ, පොල් ඇතුළු වැවිලි බෝග හයක් සඳහා ද මෙම පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. ඒ අනුව මෙවර ඉතා ක්‍රමවත් ආකාරයෙන් නිසි කලට ගොවි ජනතාව අතට පොහොර ලබා දීමේ සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

     

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති 2018/19 මහ කන්නයේ වී ගොවිතැන සදහා සහනාධාර මත පොහොර බෙදා දීම පිළිබද දැනුවත් කිරීම සදහා පැවති විශේෂ රැස්වීමකදීය.


    වත්මන් රජය මෙම පොහොර සහනාධාරය ලබා දෙන්නේ ඉකුත් ආණ්ඩුව පොහොර සහනාධාර ලබා දීමට ලබා ගෙන තිබෙන මිලියන 28 ආසන්න ණය මුදලද ගෙවමින් බව පැවසූ අමරවීර අමාත්‍යවරයා, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට මිලියන 8900 ක් සහ ලක් පොහොර ආයතනයට මිලියන 18000 කට ආසන්න මුදලක් වශයෙන් එම මුදල ගෙවීමට වත්මන් රජයට සිදු වූ බව පෙන්වා දෙන ලදී.

     

    මෙවැනි විශාල ණය මුදලක් ගෙවන අතරතුර දිගින් දිගටම පොහොර සහනාධාර ලබා දීමට හැකි වීම රජය විවේචනය කරන පිරිසට තමන් මතක් කර දෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී. පොහොර සහනාධාරයට අමතරව ස්වභාවික උපද්‍රව වලින් සිදු වන හානිදායක තත්ත්වයන්ගෙන් ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා නොමිලේ කෘෂී රක්ෂණයක් හදුන්වා දී ඇති බවත් , අර්තාපල්, බී ලූණු, බඩ ඉරිගු, සෝයා බෝංචි සහ මිරිස් යන බෝග සඳහා වගා හානියකදී හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ඒ යටතේ ලබා ගත හැකි බවත් පෙන්වා දෙන ලදී.


    ගොවියන් අතර කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමටත් විශේෂ වැසඩහනක් සකස් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ලංකා පොස්පේට් ආයතනයේ නිෂ්පාදන පොහොර බවට පත් කිරීමේ වැඩසටන ඒ අතරින් එක් වැඩසටහනක් බව පෙන්වා දෙන ලදී. ඒ තුළින් මිලියන 7000 ක් පමණ රජයට ඉතිරි කරගත හැකි බවද පැවසීය.එමෙන්ම කාබනික පොහොර භාවිතා කරන ගොවි මහතුන් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 18,000 ක මුදලක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

     

    කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී පොහොර සහනාධාරය බෙදා හැරීමේ චක්‍ර ලේඛය පිළිබද දැනුවත් කිරීමක්ද සිදු වූ අතර, ලංකාව පුරා විසිරී සිටින ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

     

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya