ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    පවුල් ලක්ෂ එක හමාරකට අලූතින් සමෘද්ධිය  

    සැප්තැම්බර් 08, 2018
    දිළිදුකම පිටුදැකීම සදහා ක්‍රියාත්මක සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලූතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (07) පස්වරුවේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
     මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලූතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජය අමාත්‍ය රංජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකොන්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.පී. අබේවර්ධන, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.
     
    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya