ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවකදී ජීවිත හානි වළක්වා,දේපල හානි අවම කරගැනීම රජයේ අරමුණයි

    සැප්තැම්බර් 10, 2018

    '' ආපදාවක් ඇතිවුණාම ජීවිත හානි වළක්වාගැනීමත් දේපල හානි අවම කරගැනීමත් අපේ රජයේ අරමුණයි. නැවත කවදාවත් ගිං ගඟ පිටාර ගලා ගංවතුර ඇතිවීම වළක්වන්න මේ පාලන කාලයේ දී අපි පියවර ගන්නවා. " යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 57ක මුදලක් වැය කර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

     

    එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
    '' ස්වභාවික ආපදා සිදුවෙනවා. මෙය අපට වැළැක්විය නොහැකියි. නමුත් වළක්වාගත හැකි ආපදා තිබෙනවා. ගංවතුර ආපදාවත් ඒ වගේ දෙයක්. ලෝකයේ සෑම රටක් ම ජලය කළමනාකරණය කරනවා. ගලා යන ආකාරය පාලනය කරනවා. අපිටත් ජල කළමනාකරණය පිළිබඳ ඉතා අභිමානවත් ඉතිහාසයක් තිබුණා. මහවැලි ගඟ අවට ප්‍රදේශ අතීතයේ ජලයෙන් යටවුණා. පසුව මහවැලි ගඟේ මහා ජලාශ ඉදිකළාට පස්සේ ඉන් පහළ ප්‍රදේශ ගංවතුරින් යටවීම වැළකුණා. ගිං ගඟ සඳහාත් මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළත් ගිං ගඟ ඉහළ ප්‍රදේශයේ සැළසුම් කළ මහා ජලාශය දේශපාලන හේතු නිසා ඉදිකළේ නැහැ. පහළ ප්‍රදේශයේ දෙපස වේළි දෙකක් ඉදිකරලා ගංවතුර පැතිරීම වැළැක්වුවා. ඒ නිසා අද ගංවතුරින් යටවන ප්‍රදේශය අඩුවෙලා.

     

    නමුත් ඉහළ මහා ගංවතුර එනවා. ඒ නිසා කළින් සැළසුම් කළ ගිං ගඟේ මහා ජලාශය අපි මේ රජය කාලයේ දී ඉදිකරනවා. මේ සඳහා අවශ්‍ය පියවර දැනටමත් අරගෙන ඉවරයි. චීන රජය මේ සඳහා අවශ්‍ය සහයෝගය දක්වනවා. දැන් ගිං ගඟේ වාරුකන් දෙණිය ප්‍රදේශයේ මහා ජලාශය ඉදිකරන්න අවශ්‍ය ඇගයීම් වාර්තා සකස් කරගෙන යනවා. අපි අපේ රජයේ පාලන කාලයේ දී ම ගිං ගඟේ ගංවතුර ප්‍රශ්නය විසඳනවා. "


    මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභබාපති ආනන්ද ලැනරෝල් මහතා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya