“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 98 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 23 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 300 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
“අභයරාජගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 23 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 69 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 118 ක් වටිනා ‘‘විසිරි නිවාස ණය’’, ප්‍රතිලාභීන් 25 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘‘සොඳුරු පියස නිවාස ණය’’, වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 123 ක් වටිනා නිවාස අධාර ප්‍රදානය, ‘‘ශිල්ප සවිය’’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 25 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, ස්වයං රැකියා ණය ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 250 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම සහ නිවාසභාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රාහුමාන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.