මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook

    සියදිවි නසා ගැනීම් වාර්තාකරණය පිළිබඳ මාර්ගෝපදේශන මාලාව පිළිගැන්වෙයි

    සැප්තැම්බර් 12, 2018

    ''සියදිවි නසා ගැනීම් වාර්තාකරණය පිළිබඳ මාර්ගෝපදේශන මාලාව'' අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එළිදැක්විණි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාර්ගෝපදේශන මාලාව සහිත අත්පොත පිළිගැන්විය.

    ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියදිවි නසා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම සඳහා වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක් අද (12) ප.ව.1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

    මෙම සම්මන්ත්‍රණය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ මහතා, මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ,වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය, අධ්‍යක්ෂ (මානසික සෞඛ්‍ය) මනෝ වෛද්‍ය විශේෂඥ, ප්‍රභාත් වික්‍රම මහතා,මනෝ වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය තිලිණි රාජපක්ෂ මහත්මිය, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය මාධව ගුණසේකර මහතා සහභාගී විය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් මාර්ගෝපදේශන මාලව සම්පාදනය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya