මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍රමෝපාය සැළස්ම සකස් කරනවා-වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා

    සැප්තැම්බර් 12, 2018

    සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍රමෝපාය සැළස්ම සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ, අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

    සියදිවි නසාගැනීම් සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශන අත්පොත එළිදැක්වීම හා මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අඳහස් දක්වමින් වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සම්මන්ත්‍රණය පැවැත්විණි.

    මෙහිදී අඳහස් දැක් වූ වෛද්‍ය වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය;

    තරුණ කණ්ඩායම් වල මරණවලට ප්‍රධාන හේතුවක් ලෙස සොයාගෙන තිබෙනවා සියදිවි නසගැනීම බව. ගැහැණු දරුවන් අතර තරුණ වියේ දී මේ ප්‍රවණතාවය තිබෙනවා. සියදිවි නසා ගැනීම නිසා වැඩ කල හැකි කාර්යක්ෂම
    අවධියේ අයගේ ජීවිත අහිමි වෙනවා.

     

    මින් බොහෝ දේ වළක්වා ගත හැකියි.තරුන කණ්ඩායම සියදිවි නසාගැනීම් වැඩි ප්‍රවණතාවක් දක්වනවා. ශ්‍රී  ලංකාව සියදිවි නසාගනීම වැඩිම රට කියලා අතැම් වෙබ් අඩවි වල පළ වී තිබුණා. ඒ සම්බන්ධව අප පිළිතුරු  ලබදුන්නා. මේ වනවිට හොඳ තත්ත්වයක් තිබෙනවා.විශාල වැඩකොටසක් කරගෙන යනව.

     

    සියදිවි නසාගැනීම අඩුවීම ජයග්‍රහණයක්.2017 වසරේ සුළු වැඩිවීමක් තිබෙනවා. මේ සඳහා ඉක්මනින් ම ක්‍රියා මාර්ග ගැනීම අත්‍යාවශ්‍යයි. කාන්තාවන්ට වඩා පුරුෂයන් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙනවා. සියදිවි නසාගැනීම්වලට බහුල හේතු වී තිබෙන්නේ පවුලේ ආරවුල් හා සබඳතා පිළිබඳ ප්‍රශ්නයි.අනෙක් ගැටළුව දිගු  කාලීන රෝග.මානසික රෝග අවධානයට ලක්වෙනවා.ආර්ථික අපහසුතාවය,විභාග අසමත්වීම යන කරුණු  බලපානවා.

     

    පාසල් තුළ මානසික සෞඛ්‍ය සහ ජීවන කුසළතාවන් දියුණු කර අපට සියදිවි නසාගැනීම් අඩු කරගන්න පුළුවන්.මානසික සෞඛ්‍ය වැඩසටහන තුළින් සියදිවි හානි කරගැනීම වළක්වාගැනීම ප්‍රමුඛ කාර්යයක් ලෙස  සළකනවා.ඒ සඳහා වැඩසටහන් සකස් කර තිබෙනවා.

     

    දැනට පාසල් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජීවන කුසළතා නංවන්න, මෙවැනි  ගැටළුවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීමේ වැඩසටහන් සකස් කරනවා. දෙමව්පියන්ටත් වැඩසටහන් කරන්න අවශ්‍යයි. රෝහල්වල මානසික සෞඛ්‍ය සේවය ව්‍යාප්තව පවතිනවා. මානසික ප්‍රතිකාර සායන දිවයිනපුරා 400ක් පමණ ක්‍රියාත්මක වෙනවා.ප්‍රතිකාර වෙනුවෙන් මෙම සේවා සඳහා යොමු විය හැකියි.මෑතක දී සකස්  කරගෙන යනවා, සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍රමෝපාය සැළස්ම. මෑතකදීම අවසන් කර ක්‍රියාත්මක කරන්න  කටයුතු කරනවා. ප්‍රජා සහායක මධ්‍යස්ථාන දිවයින පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයි  පැවසුවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya