මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    සෑම විටම ජනමාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    සැප්තැම්බර් 13, 2018

    අඳහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම,සෑම අයිතිවාසිකමකටම මුල්වෙන අයිතිවාසිකමක් බව රජයක් වශයෙන් පිළිගන්නා බවත් සෑම විටම ජනමාධ්‍ය නිදහස ඉහළින් අගය කරන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

    සියදිවි නසාගැනීම් සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශන අත්පොත එළිදැක්වීම හා මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අඳහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසී ය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (12) මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්විණි.

     

    සම්මන්ත්‍රණයේ දී අඳහස් දැක් වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා;

     

    අපේ රටේ පවතින දැවැන්ත සමාජ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කෙරෙන අවස්ථාවක්. මේ ප්‍රශ්නය කෙසේ ද මාධ්‍ය මඟින් වාර්තා කරන්නේ යන කාරණය ගැන විවේචනයක් තිබෙන අවස්ථාවක මේ සම්බන්ධයෙන් විශේෂඥතාවය තිබෙන ආයතන එකතු වෙලා,ගොඩනැඟූ ආචාර ධර්ම පද්ධතිය ඉදිරිපත් කරන අවස්ථාවයි.

     

    මගේ වගකීම රජයේ ප්‍රවෘත්ති මහජනතාවට ඉදිරිපත් කිරීම.සෞඛ්‍ය සඳහා කරන වැඩසටහන් රජයේ ප්‍රමුඛතාවයන් සහ ජනමාධ්‍ය අතර පාලමක් සැකසීම තමයි,බලාපොරොත්තුව වන්නේ.

     

    බොහෝ අවස්ථාවල ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය ගත් විට,එම වාර්තාකරණය ගැන යම් යම් චෝදනා එල්ල වෙනවා.ඒ චෝදනා එල්ල වෙන්නේ වාර්තා කිරීම නිසා වන අහිතකර ප්‍රතිඵල ගැන සිතලයි. අප රජයක් වශයෙන් පිළිගන්නා දෙයක් තමයි,අඳහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම,සෑම අයිතිවාසිකමකට ම මුල්වෙන අයිතිවාසිකමක් බව.

     

    එම අයිතිවාසිකම තුළින් මහජනයාට වෙනස් මතයන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙන්නේ.ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට මෙම අවශ්‍යතාවයන් ක්‍රියාත්මකවීම අවශ්‍යයි. එහිදී එම අඳහස් ප්‍රකාශ කරන්න හැකි වන්නේ,ජනමාධ්‍ය තිබුණොත් පමණයි. ජනමාධ්‍ය නිදහස අප සැමවිට ඉහළින් අගය කරනවා.

     

    සමහර අවස්ථාවල දී එම මාධ්‍ය යම් යම් කරුණු වාර්තා කිරීම තුළ පොදු සමාජයට,විශේෂයෙන්ම සමාජයේ සිටින අනතුර ආසන්න පුද්ගලයන්ට හානි කර ලෙස ක්‍රියාත්මක වෙන අවස්ථා තිබෙනවා.එවැනි අවස්ථාවල රජයේ පියවර වන්නේ, මාධ්‍ය සමඟ සාකච්ඡවෙන්,සම්මන්ත්‍රණයෙන් හා සම්මුතියෙන් කටයුතු කිරීම.

     

    අප සිතන්නේ නෑ, කිසියම් මධ්‍ය ආයතනයක් අගතියක් අතිවන අකරයෙන් මාධ්‍ය වර්තා කරයි කියලා. විශාල තරඟකාරීත්වය නිසා තම මාධ්‍යයේ තරඟකාරීත්වය තබාගැනීම සඳහා තම පුවත් පතේ අලෙවිය වැඩි කර ගැනීමට, තම නාළිකාවේ රේටින්ස් වැඩි කර ගන්න ක්‍රියා කරන අවස්ථා තිබෙන්න පුළුවන්.එතැන දි අපට ගත හැකි ඉතාම නිවැරැදි පියවර තමයි,මෙම ප්‍රශ්න ගැන දැනුම්වත් කර සාකච්ඡාවක් පැවැත්වීම.අද මෙම සම්මන්ත්‍රණයෙන් සිදු වන්නේ එම කටයුත්තයි.

     

     

    මෙම මාර්ගෝපදේශන සංග්‍රහය සහ ඒ සඳහා ඉදිරිපත්වන සකච්ඡාව ඉතාම ප්‍රවේශමෙන් පරිශීලනය කර ඔබේ මාධ්‍ය ආයතනයට ගෙන ගොස් එහි සකච්ඡා කිරීම වැදගත්.එමෙන් ම තම මධ්‍ය ආයතනය තුළ මෙම වැදගත් මාතෘකා කතා කිරීමේ දී එම වාර්තාකරණයෙන් වින්දිතයින්ට,ඔවුන්ගේ පවුල්වල අයට සහ සමාජයට අතිවිය හැකි බලපෑම පිළිබඳව බර තබන්න කියලා ඉල්ලීමක් කරනවා.ඒ හරහා මාධ්‍යවේදීන්ගේ,සංස්කාරකවරුන්ගේ ශක්‍යතා වර්ධනය කිරීමට මේ කටයුත්ත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එකතු වෙලා,වැඩ කරනවා. මෙය අරම්භයක් පමණයි.මේ විෂය ගැන වඩා විද්‍යාත්මකව වැඩ කරමු කියලා සියලුම මාධ්‍යවේදීන්ගෙන්,මාධ්‍යවේදිනියන්ගෙන් හා මාධ්‍ය ආයතනවලින් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා'' යැයි ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya