මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

    සැප්තැම්බර් 15, 2018

    ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ.

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ මඟපෙන්වීම අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    විසිතුරු මත්ස්‍ය වගාවේ,විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්ගේ,විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයින්, ජලජ පැලැටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියළු පාර්ශව නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය පත් කර තිබේ.

    ඒ අනුව විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට බලපාන සහ කර්මාන්තයේ නිරත පිරිස් වලට බලපාන ගැටළු සාකච්ජා කර එම ගැටළු සදහා ඔවුන් විසින්ම විසදුම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇත.

    එම කාර්ය සාදක බලකාය ඉදිරිපත්කරන ගැටළු සහ විසදුම් යෝජනා පිළිබද සළකා බලා අවශ්‍ය විසදුම් වෙනුවෙන් කටයුතු කිරීමට උපදේශක මණ්ඩලයක් ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි පත්කර තිබේ.

    එම උපදේශක මණ්ඩලයට අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, සාමාජිකයින් පත් කර ඇති අතර,ඊට අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂක තාක්‍ෂණ මොන්ටි රණතුංග මහතා , ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්, ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, ජාතික ධිවර මහා සම්මේලනයේ නියෝජිතයෙක් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya