මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    මහ මුහුදේ ගිනි නිවීමට ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි

    සැප්තැම්බර් 15, 2018
    මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සදහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ක ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධිවර වරායේදී  සිදු කෙරිණ.
            
    මෙම ගිනි නිවීමේ යාත්‍රාව සම්පුර්ණයෙන් දේශීය නිෂ්පාදනයකි. සෝලා මැරීන් ලංකා ආයතනය විසින් මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිෂ්පාදනය කර තිබේ .
     
    පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් යාත්‍රා කළ හැකි මෙම යාත්‍රාව සතුව පැයකට වතුර ලීටර් ලක්‍ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහ ගොඩබිම සිට නාවීක සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම් වල සාර්ථකව නිරතව නැවත ගොඩබිමට ළගවිමේ සියලු පහසුකම්වලින් සමන්විතය.
     
     
    BELUGA – 18 නමැති මෙම ගිනි නිවීමේ යාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 06 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත. මහ මුහුදේ සිදුවන එවැනි ගිනි ගැනීම් පාලනය කිරීම පිළිබද විශේෂ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී තිබේ.
     
    ඉන්ධන වැනි ද්‍රව්‍යයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වන නැවක් හෝ බෝට්ටුවක ගින්න පාලනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලීටර් 8000 කින් ද මෙම ගිනි නිවීමේ යාත්‍රාව සමන්විතය. 
    එවැනි ගිනි ගැනිමක් පිළිබඳව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්‍ෂණය මෙන්ම, එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමග අදාළ නැවේ IMO අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ AIS තාක්‍ෂණයෙන්ද මෙම ගිනි නිවීමේ යාත්‍රාව සමන්විතය.
     
    එවැනි ගිනි නිවීමක් පාලනය කිරීමේ මෙහෙයුමකදී අදාළ ස්ථානයේ ස්ථානගත වී සිටීමේ GPS සහ සැටලයිට් තාක්‍ෂණය අනුව යාත්‍රාව ස්වයංක්‍රීයව බලගැන්වී සාගරයේ පා නොවී සිටීමේ විශේෂිත හැකියාවද සහිතව මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිපදවා ඇත.
     
     
    මෙම යාත්‍රාව දියත් කිරීමේ අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මහතා, එහි පහසුකම් සහ ක්‍රියාකාරිත්වය එකින් එක නිරීක්ෂණය කිරීමටද පියවර ගත් අතර ශ්‍රී ලංකාවේ ධිවර ප්‍රජාව රැකියාවේ නිරතව සිටියදී අනතුරට හා ආපදාවන්වලට ලක්වන අවස්ථාවලදී ඔවුන් බේරාගැනීමට මෙන්ම අනතුරට පත්වන යාත්‍රා ගොඩබිමට රැගෙන ඒමේ පහසුකම් සැලසීම පිළිබදවද නිෂ්පාදන ආයතනය සමග සාකච්ජා කළේය .
     
             මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා   ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ සිදුකිරීම පිලිබදව රටක් ලෙස අපි සතුටට පත් විය යුතුයි . මොකද එය රටට විශාල කීර්තියක් සේම රටට විශාල විදේශ විනිමයක් රැගෙන ඒමේ වැඩපිළිවලක්. ඒ වගේම තමයි මම මිට වසර කීපයකට පෙර සිටම යෝජනා කළා, අනතුරට පත්වන ධිවර ජනතාවට පිහිට වීමට මෙවැනි හදිසි ගලවා ගැනීම් සදහා අධිවේගී යාත්‍රා වල අවශ්‍යතාව. මම යෝජනා කර තිබුනේ අවම වශයෙන් මෙවැනි යාත්‍රා උතුර, නැගෙනහිර, දකුණ, වයඹ පළාත්වල ස්ථාන ගත කර තැබීමට. 
     
            ඊට අමතරව බේරාගන්නා පුද්ගලයින්ට හදිසි ප්‍රතිකාර ලබාදී කඩිනමින් ආසන්නම වරාය වෙත රැගෙන එම සදහා ද මෙම යාත්‍රා සතුව පහසුකම්  සළසා ඇත.
     
            

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya