දීප ව්‍යාප්තව සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් ඇති පවුල් ලක්ෂ අටක් පමණ සිටින බවත් ලබන වසරේ අප්‍රේල් මාසය වන විට සුදුසුකම් සපුරා ඇති සියළු දෙනාට සමෘද්ධි සහනාධාරය ලබා දීමට හැකියාවක් ඇති බවද සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
මෙහි පළමු අදියර යටතේ පවුල් එක් ලක්ෂ පනස් දහසක් සදහා සමෘද්ධි සහනාධාරය ලබා දීමට නියමිත අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 3800 ක් සදහා සමෘද්ධි සහනාධාර ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.