ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    රටවල් 11ක කෘෂිකර්ම විද්වතුන් සහභාගී වන සුහුරු කාෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුවක්

    සැප්තැම්බර් 16, 2018

    රටවල් 11ක කෘෂිකර්ම විද්වතුන් සහභාගී වන සුහුරු කාෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව(Workshop on Smart Agriculture Extension Models) ලබන 17 වන දින ඇරඹේ

     

    ආසියානු ඵලදායිතා සංවිධානයේ ක්‍රියාකාරීත්වයෙන් එම සංවිධානයේ සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීම සදහා පැවැත්වෙන  සුහුරු කාෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව(Workshop on Smart Agriculture Extension Models) ලබන 17 වන දින ගල්කිස්ස බර්ජායා Berjaya හෝටලයේදී ආරම්භ කෙරේ.

    මෙම සමුළුවට බංගලාදේශය, ෆීජී, ඉන්දියාව, මැලේසියාව, මොන්ගෝලියාව, පකිස්ථානය,පිලිපීනය, තායිලන්තය, ශ්‍රී ලංකාව, වියට්නාමය ආදී රටවල නියෝජිතයන් සහභාගී වීමට නියමිත ය.මේ සඳහා සම්පත් දායකයන් ලෙස ඇමරිකාව, කොරියානු සමූහාණ්ඩුව, පිලීපීනය ආදී රටවල විශේෂඥයින්  සහභාගී වීමට නියමිත ය. මෙම විෂය ක්ෂේත්‍රයට අදාල දේශීය විශේෂඥයින්ගේ ද සම්පත් දායකත්වය ලබාගෙන ඇත.මෙම වැඩමුළුවට ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාල විශේෂඥයින්ගේ දේශන, කණ්ඩායම් සාකච්ඡා ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවලින් මෙම වැඩමුළුව සමන්විත වේ. මෙම වැඩමළුව තුළින් ලබා ගන්නා දැනුම හා හුවමාරු කරගනු ලබන අත්දැකීම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වේ.

    මෙම ජාත්‍යන්තර වැඩමුළුව 17 දින සිට 21 දින දක්වා පැවැත්වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya