මේ යටතේ තෝරාගත් ව්‍යාපෘති 140 ක වැඩ ආරම්භ කිරීම අද (16 ) දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී.ඒ අනුව මාර්ග 60ක්,පාසල් ක්‍රීඩා පිටි 10ක්,ආගමික සිද්ධස්ථාන 16ක්,කානු පද්ධති 20ක්, ඇතුළු ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට මෙම මුල්‍ය ප්‍රතිපාදන යොදාගනු ඇත.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල ආසනයේ ගම්පෙරලිය වැඩපිළිවෙල ආරම්භ කරමින් මැදපතන,කටුපැලල්ලගම,දෙයියන්නේවෙල, ඔයේ වත්ත, ජයගම,කලන් වත්ත,නෙලුන්ගම, යන ප්‍රදේශවල මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මුල්ගල් තබනලදී.
මෙම අවස්ථාවන්ට ආසනයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් හා ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතීන් ආරම්භ කරමින් ජනතාවට කරුණු දැක්වූ අමාත්‍ය වරයා කියාසිටියේ;
වත්මන් රජයෙ ගම්පෙරලිය වැඩසටහන තුළින් ලබාදුන් මේ වරප්‍රසාදය ජනතාවට නොපිරිහෙලා ඉටුකරන්න ඕනා. ඉතින් ඒ නිසා ගම්පෙරලිය වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියජනය කරමින් ආණ්ඩුව තුළ සිටින අපටත් ඉතාම වැදගත්.මොකද හුඟක් ය අහනවා මොකද ආණ්ඩුවේ ඉන්නේ කියල, ආණ්ඩුවේ අපි ඉන්නේ ජනතාවට මේ සංවර්ධන වැඩ ඉෂ්ඨ කරලා දෙන්න. ආණ්ඩුවක ඉන්නකොට ගුණ අගුණ දෙකක් තියනවා.අපි ආණ්ඩුව යම්වැරැද්දක් කරනවා නම් ඒවා විවේචනය කරනවා , හොඳ දේවල් කරනකොටඅගය කරන්නත් ඕන. අද බදුල්ල ආසනයට විතරක් රුපියල් කෝටි 20ක් ලබාදීල තියනවා , පසුගිය ආණ්ඩුව කාලේ කරන්න බැරිවූ ග්‍රාමීය සංවර්ධන දැන් ආරම්භ කරන්න පුලුවන්.
ආණ්ඩුව ඇතුලේ ඉන්නේ නැතුව එලියට ගිහිල්ල බෝඩ් අල්ලාගෙන කැගැහුවනම් මේ එකක් වත් ඔබලාට ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම ආණ්ඩුව ඇතුලේ ඉන්න තීරණය කළේ. නොවැම්බර් මාසේ මේ පළමු අදියර නිමවූ පසු තව රුපියල් කෝටි 10ක සංවර්ධන ව්‍යාපෘති බදුල්ලට ගෙන එනවා. මේ වැඩ පිළිවෙලේ කිසිම පාට පක්ෂ භේදයක් නැහැ. අපි දේශපාලන නායකයින් ලෙස ඉදිරියේදී කටයුතු කළයුත්තේ ජනතාව දිනවන විදියට මිසෙක කව්රුන් හෝ බලයට පත්කරන විදියට නොවේ . ජනතාව ඒ පිළිබඳවත් සිතිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.